තෝරාගත් රටවල් කිහිපයකට බ්‍රිතාන්‍යට ඇතුල් වීම සඳහා වූ වීසා සීමා කිරීමේ සැලැස්මක් – ශ්‍රී ලංකාවත් ඒ අතර!

Date:

කොළඹ LNW:එක්සත් රාජධානියේ නව රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් අනුව තෝරා ගත් රටවල් කිහිපකට වීසා නිකුත්කිරීම සීමා කිරීමේ සූදානමක් පවතින බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව එක්සත් රාජධානියේ රැඳී සිටීමට හා සරණාගතභාවය ඉල්ලා සිටීමේ වැඩි ඉඩක් පවතින රටවල් සම්බන්ධයෙන් මෙම තීරණය ගැනීමට සැරසෙන බව සඳහන්.

බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස පසුගිය වසරේ පත්වූ Sir Keir Rodney Starmer නීති විරෝධී සහ නීත්‍යානුකූල සංක්‍රමණ යන දෙකම අඩු කිරීමට පොරොන්දු වී තිබේ.එම පොරොන්දුව මත උක්ත තීරණයට නව රජය එළඹ ඇති බවයි මාධ්‍ය වාර්තා පෙන්වා දී ඇත්තේ.

එය නව රජයේ මර්දනීය තීරණයක් ලෙසද විවේචනයට ලක්ව තිබෙන බව පෙනෙන්නට ඇත.

උක්ත තීරණය ක්‍රියාත්මක වුවහොත් පකිස්ථානය, නයිජීරියාව සහ ශ්‍රී ලංකාව වැනි රටවල පුද්ගලයින්ට රැකියා සහ අධ්‍යාපන කටයුතු සඳහා එක්සත් රාජධානියට පැමිණීම අවහිර වනු ඇති.

එක්සත් රාජධානියේ රජය තුළ මෙවැනි සාකච්ජාවක් මතුවීමට හේතු වී ඇති කාරණය ලෙස දක්වා ඇත්තේ රැකියා හෝ අධ්‍යයන වීසා මත එක්සත් රාජධානියට නීත්‍යානුකූලව පැමිණ සරණාගතභාවය සඳහා හිමිකම් පෑමක් ඉදිරිපත් කිරීමෙන් ඔවුන්ට රට තුළ ස්ථිරවම රැඳී සිටීමේ අවස්ථාව උදාවීම මත එය ගැටලුසහගත තත්ත්වයකට පත්වීමයි.

ඒ අනුව බ්‍රිතාන්‍යයේ ආගමන ප්‍රතිපත්තියේ වෙනසක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි එරට ස්වදේශ කටයුතු කාර්යාලය පවසා ඇත්තේ.

කෙසේවෙතත් වීසා සීමා කිරීම සරණාගත අයදුම්පත් සංඛ්‍යාවට ඇති කරන බලපෑම ඉතා කුඩා වීමට ඇති බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් රාජධානියේ අධ්‍යයන චින්තන පර්ශදයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන මහාචාර්ය ජොනතන් පෝර්ටෙස් මහතා පවසා තිබේ.

ශිෂ්‍යයෙකු ලෙස පෙනී සිට රටට ඇතුළුවන තැනැත්තෙක් හැකි ඉක්මණින් සරණාගතභාවයට ඉල්ලුම් කිරීම තුළ එම ක්‍රමවේදය අවභාවිත කිරීමක් ලෙසයි මහාචාර්යවරයා සඳහන් කර ඇත්තේ.

බ්‍රිතාන්‍ය සරණාගතභාවය ලබා දීම ආරම්භ වූ 1979 සිට වාර්තාවල සඳහන් වන පරිදි 108,000කට වැඩි ප්‍රමාණයක් එරට සරණාගතභාවය ඉල්ලා ඇත.

සමස්තයක් ලෙස පාකිස්ථාන ජාතිකයින් 10,542 ක් සරණාගතභාවය ඉල්ලා ඇති අතර ශ්‍රී ලාංකික ජාතිකයින් 2,862 ක් සහ නයිජීරියානු ජාතිකයින් 2,841 ක් සරණාගතභාවය ඉල්ලා ඇති බවයි එරට ස්වදේශ කටයුතු කාර්යාලයේ වාර්තා පෙන්වා දී ඇත්තේ.

2023/24 සඳහා නවතම සංඛ්‍යාලේඛනවලට අනුව එක්සත් රාජධානියේ ජාත්‍යන්තර සිසුන් 732,285 ක් සිටින බවත්, ඉන් වැඩි දෙනෙක් ඉන්දියාවෙන් (107,480) සහ චීනයෙන් (98,400) පැමිණ ඇති බවත් දැක්වෙයි.

ඒ අනුව 2024 දී එක්සත් රාජධානියේ රැකියා සහ අධ්‍යයන වීසා සංඛ්‍යාව පෙර වසරට සාපේක්ෂව පහත වැටී ඇති බවයි පෙන්නුම්කරන්නේ.

කෙසේවෙතත් ශුද්ධ සංක්‍රමණ ලෙස 2023 ජුනි මාසය වන විට එක්සත් රාජධානියට පැමිණෙන පුද්ගලයින් සංඛ්‍යාව, පිටවන සංඛ්‍යාව අඩු කිරීම සිදුකර තිබුණි. එම කාලය තුළ වාර්තාගත 906,000 ක් වූ අතර, පසුව 2024 ජුනි මාසය වන විට එය 728,000 දක්වා පහත වැටී තිබේ.

ඊට හිටපු අගමැති රිෂි සුනක් විසින් හඳුන්වා දුන් නව නීති දායක වී ඇති බව ද පෙනෙන්නට ඇති බවයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දී ඇත්තේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...