තවත් බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි. හතර දෙනෙක් මරුට !

0
674

සටහන – රුවන් නෙළුගොල්ල

නුවරඑළිය – ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ.

එහිදී සිව්දෙනෙකු මරුමුවට පත්ව තවත් 35 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇති බව සඳහන්.

තුවාලකරුවන් රෝහල්ගත කිරීම සඳහා කඩිනමින් කටයුතු කරමින් සිටින බවයි පොලීසිය පැවසුවේ.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ කතරගම සිට නුවර එළිය හරහා කුරුණෑගල දක්වා ධාවනය වෙමින් පැවති ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයකි.