හිට්ලර් පොල්පොට් වැනි නායකයන්ගේ ලැයිස්තුවට අද මහින්දගෙ නමත් ඇතුළත් උනා – සෝභිත හිමි

Date:

මාසයක් තිස්සේ අවිහිංසාවාදී අරගලයක නිරත වූ පුද්ගලයන්ට එල්ල වූ නින්දිත ප්‍රහාරය ඉතා දැඩිව හෙළා දකින බව ඕමල්පේ සෝභිත හිමි පවසනවා. මහින්ද රාජපක්ෂ වැනි රටම පිළිගත් නායකයෙකුගෙන් මෙවැනි නින්දික ක්‍රියාවක් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ බවයි සෝභිත හිමි පවසන්නේ.

ඊයේ දිනයේදී අනුරාධපුර අටමස්ථාන වන්දනා කර කොළඹ පැමිණි මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේදී මෙවැනි ක්‍රියාවක නිරත වනු ඇතැයි කිසිසේත් බලාපොරොත්තු නොවූ බවයි, ආගමික නායකයන්ගේ මූලිකත්වයෙන් අද පස්වරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවට සහභාගිවෙමින් සෝභිත හිමි සඳහන් කළේ.

අතීතයේදී හිට්ලර්, පොල්පොට් වැනි නායකයන් සිදුකළ මිනිස් සංහාර සහ අද සිදු වූ ප්‍රහාරය එකිනෙක සමාන බව පෙන්වා දෙන සෝභිත හිමි පවසන්නේ පොල්පොට්, හිට්ලර් වැනි නායකයන්ගේ ලැයිස්තුවට මහින්ද රාජපක්ෂ මහතාගේ නම අද එක් වූ බවයි.

මෙම ප්‍රහාරයේ වගකීමෙන් මහින්ද රාජපක්ෂ මහතාට පමණක් නොව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටද නිදහස් විය නොහැකි බවත්, සියලු රාජපක්ෂවරුන් මෙම ප්‍රහාරයේ වගකීම බාරගත යුතු බවත් සෝභිත හිමි අවධාරණය කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපතට පත් ජනතාව නගා සිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් රු. මි. 250ක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : හදීසි ආපදා තත්ත්‍වයෙන්...

ජපානයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූකම්පනයක්: සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08 , (අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ රික්ටර්...

වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන අගවිනිසුරුවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති...