රනිල්ගේ මල්පාරේ කාර්යාලයේ විශේෂ සාකච්ඡාවක්. විපක්ෂයේ සියලු පක්ෂ එකඟතාවකට පැමිණෙයි !

Date:

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මල්පාරේ පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් මීට මඳ වේලාවකට පෙර පැවැත්වී තිබේ.

ඒ, මෙවර පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගයට බහුතරය හිමිව නොමැති පළාත් පාලන ආයතනවල විපක්ෂයෙන් බලය පිහිටුවීම සම්බන්ධව ය.

මෙම සාකච්ඡාව සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් නලින් බණ්ඩාර මන්ත්‍රීවරයාත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් නාමල් රාජපක්ෂත්, දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ මනෝ ගනේෂන් සහ දිගම්බරන් දෙදෙනාත් මුස්ලිම් කොංග්‍රසය වෙනුවෙන් රවුෆ් හකීමුත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දුමින්ද දිසානායක, අනුර ප්‍රියදර්ශන යාපා සහ නිමල් සිරිපාල ද සිල්වාත්, ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් අසංක නවරත්නත්, ලංකා කම්කරු කොංග්‍රසයෙන් ජීවන් තොණ්ඩමනුත් ඇතුළු විපක්ෂයේ ප්‍රධානීන් පිරිසක් සහභාගී වී ඇති බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

විපක්ෂයේ සියලු පක්ෂ එකමුතුව බලය පිහිටුවිය හැකි සෑම පළාත් පාලන ආයතනයකම බලය පිහිටුවීමට එහිදී සියලු දෙනාම එකඟ වී ඇති බව සඳහන්.

එසේ බලය පිහිටුවන ආයතනවල වැඩිම ඡන්ද ලබාගෙන ඇති පක්ෂයට එහි නගරාධිපති / සභාපති ධුරය ලබාදීමටත් දෙවැනියට වැඩිම ඡන්ද හිමිකරගෙන ඇති පක්ෂයට උප නගරාධිපති / උප සභාපති තනතුර ලබාදීමටත් ඔවුන් එකඟ වී ඇති අතර ඡන්ද සංඛ්‍යාව ළඟ ළඟ පිහිටන අවස්ථාවලදී එක් පක්ෂයකට වසර දෙක බැගින් නගරාධිපති / සභාපති ධුරය බෙදා ගැනීමටත් ඔවුන් එකඟ වී ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.

එමෙන්ම හෙට (15) දිනයේදී විපක්ෂයේ සියලුම පක්ෂවල ලේකම්වරුන් කොළඹ අමාරි හෝටලයේදී රැස්වී විශ්වාසවන්ත අපේක්ෂකයින්ගේ ලැයිස්තු (පසුව පිල් මාරු නොකරන බවට සහතික කළ හැකි) සකස් කර ඔවුන්ව අදාළ ප්‍රාදේශීය සභා, නගරසභාවලට පත්කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කිරීමටත් නියමිත බව වාර්තා විය.

මේ සියල්ල සඳහා එක්තරා විදේශ තානාපති කාර්යාලයක සහයෝගය ලැබී ඇති බවත් විශ්වාසකටයුතු ආරංචිමාර්ග සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...