ලොව ප්‍රථම ගොනෝරියා එන්නත එංගලන්තයෙන්!

Date:

සටහන – පුලී
මැයි 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
 ලිංගිකව සම්ප්‍රේෂණය වන ගොනෝරියා ආසාදනයට එරෙහිව එන්නත් කිරීම ආරම්භ කළ ලොව පළමු රට බවට එංගලන්තය පත් වෙයි.

නමුත් එම එන්නත තවම සෑම ගොනෝරියා ආසාදනය වූ අයෙකුටම ලබා ගත නොහැකි වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙහි දී බහු ලිංගික සහකරුවන්ගේ හෝ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ ඉතිහාසයක් ඇති සමරිසි හෝ ද්විලිංගික පිරිමින් කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරේ.

එන්නත 30-40% ඵලදායී වන මුත් NHS හි බලාපොරොත්තුව වන්නේ එය ඉහළ යන ආසාදන සංඛ්‍යාවට යම් බලපෑමක් කල හැකි තත්ත්වයක පවතින බවයි.

2023 දී රෝගීන් 85,000 කට වඩා වැඩි සංඛ්‍යාවක් මෙම ගොනෝරියා ආසාදනයෙන් පීඩා විඳ ඇති බව සඳහන්.

ගොනෝරියා සෑම විටම රෝග ලක්ෂණ නොපෙන්වන අතර වේදනාව, අසාමාන්‍ය ශ්‍රාවයන්, ලිංගික අවයවවල දැවිල්ල සහ වඳභාවය වැනි රෝග ලක්ෂණ මේ සඳහා ඇතුළත් විය හැකිය.

දක්වන වාර්තාවන්ට අනුව එන්නතෙහි සුභවාදී ප්‍රතිඵලයක් දැකගත හැකිවුවහොත් ඉන් රෝගීන් 100,000 ක් වළක්වා ගත හැකි බවත්, ඉදිරි දශකය තුළ NHS සඳහා පවුම් මිලියන 8 කට ආසන්න මුදලක් ඉතිරි කර ගත හැකි බවත් පෙන්වා දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...

කොලොම්බියාවේ නිදහසත් අවසන් වෙන ලකුණු?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොලොම්බියාව, එක්සත් ජනපද හමුදා ක්‍රියාමාර්ගයේ ‘සැබෑ තර්ජනයක්’...