මහනුවර ගෝටාගෝගමට පහරදුන් හතරදෙනෙක් රිමාන්ඩ් !

මහනුවර නගරයේ පිහිටුවා තිබුණු “ගෝටාගෝගම” විරෝධතා ස්ථානයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් පුද්ගලයෙකු 04 දෙනෙකු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වේ.

සැකකරුවන් ඊයේ (10) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී තිබේ.

මෙම සිද්ධියට මූලිකව කටයුතු කළ තවත් පිරිසක් අත් අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලිසිය පවසන්නේ.

RN