*
Wednesday, May 21, 2025
spot_img

Latest Posts

මාස 8 ට වෙඩි තැබීම් 79යි, මරණ 52යි. රජය මොකද්ද ගත්ත පියවර ? – විපක්ෂ නායක ප්‍රශ්න කරයි (VIDEO)

සටහන – රුවන් නෙළුගොල්ල

රටක පුරවැසියන්ගේ ජීවත් වීමේ අයිතිය තහුවරු කිරීම රජයක මූලික කාර්යක් වන බවත් එහි දී රටේ නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම ආණ්ඩුවේ මූලික වගකීමක් වුවත් මේ වන විට රට පුරා සිදුවන වෙඩි තැබීම් මනුෂ්‍ය ඝාතන හා තර්ජන වළක්වා ගැනීමට වත්මන් ආණ්ඩුව අපොහොසත් වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තමා මෙන්ම අනෙකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මේ ගැන පාර්ලිමේන්තුව හමුවේ ප්‍රශ්න කර ඇති මුත් මෙතෙක් ප්‍රමාණවත් විසදුම් නොමැති නිසා නැවත වරක් එය රජයට මෙය මතක් කර සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (මැයි 20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ස්ථාවර නියෝග 27 (2) යටතේ මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරමිනි.

අද වන විට රට පුරා සිදුවන වෙඩි තැබීම් හා ඝාතන තර්ජන ගැන ආණ්ඩුව දියත් කර ඇති වැඩපිළිවෙළ ප්‍රමාණවත් නොවන බවත් පසුගිය මාස 8ට වෙඩි තැබීම් 79ක් සහ මරණ 52ක් වාර්තා වී ඇති බවත් මේ බරපතල තත්ත්වය වළක්වා ගැනීමට රජය සතු නිශ්චිත වැඩපිළිවෙළ ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේක ජාතික ආරක්ෂක ගැටලුවක්

රට පුරා ප්‍රචණ්ඩත්වය ඉහළ යාම හා ජාතික ආරක්ෂාව සම්බන්ධ ගැටලුවක් ඇති බවට ආණ්ඩුව පිළිනොගන්නා බවත් ඇමතිවරුන්ට අනුව මෙම ඝාතන සහ ජාතික ආරක්ෂාව අතර ගැටලුවක් නොමැති වුවත් රටේ හා ජනතාවගේ ආරක්ෂාව ජාතික ආරක්ෂාවට සම්බන්ධ බවත් විදේශ සංචාරකයන්ගේ හා ආයෝජකයන්ගේ ආකර්ෂණයට ද මෙය අහිතකර නිසා රජයේ අවධානය යොමු විය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

රට පුරා ව්‍යාප්ත වී ඇති මත්ද්‍රව්‍යවල සෘජු වින්දිතයින් බවට රටේ ජනතාව පත්ව ඇති බවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර සිදුවන ඝට්ටනවල ගොදුරු බවට සාමාන්‍ය ජනතාව පවා පත්ව ඇති බවත් මේ ගැන රජය මෙතෙක් ක්‍රියාත්මක කළ වැඩසටහන අසාර්ථක වී ඇති නිසා රජය සතුව ඒ සම්බන්ධ විකල්ප වැඩසටහනක් ඇත්නම් එය ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

දැන් රාජ්‍ය නිලධාරින්ට සහ මහජන නියෝජිතයන්ට පවා තර්ජන එල්ල වෙනවා

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පවා ජීවිත තර්ජන එල්ල වී ඇති බවත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානිය වැනි රජයේ නිලධාරීන්ට ද මරණ තර්ජන එල්ල වීම නිසා ඉල්ලා අස්වී ඇති බවත් පළාත් පාලන සභිකයන් ද ඉලක්ක කර ගෙන සෘජු හා වක්‍ර තර්ජනය කිරීම් සිදුවන බවත් පසුගිය ද තුසිත හල්ඔලුව මහතාට ද ප්‍රහාරයක් එල්ල වූ බවත් මෙවැනි සිදුවීම් ගැන රජය ගත් ක්‍රියාමාර්ගවල ප්‍රගතිය දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

සිවිල් ජනතාව මෙන්ම මහජන සේවාවේ නිරත වන විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට දැඩි තර්ජන එල්ල වී ඇති බවත් මේ සම්බන්ධයෙන් කතානායකවරයාගේ ද අවධානය යොමු විය යුතු බවත් මොවුන්ගේ ජීවිත ආරක්ෂාව ගැන වගකිව යුතු බැවින් මහජන ආරක්ෂාක ඇමතිවරයා සේම කතානායකවරයා ද ගන්නා පියවර දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan