ජාත්‍යන්තර බිගු දින සැමරුම් උත්සවය ගන්නෝරුවේදී!

කොළඹ LNW:ජාත්‍යන්තර බිඟු දින සැමරුම් ජාතික උත්සවය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් ඊයේ (20) ගන්නෝරුව සේවා සංස්කරණ අභ්‍යාස ආයතන පරිශ්‍රයේදී සිදුවිය.

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.ඒ.ආර්.ටී. වික්‍රමආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවය ආරම්භ වූ අතර ක්ෂේත්‍ර දැනුවත් කිරීම්, දේශන, ප්‍රායොගික ක්‍රියාකාරකම් ඇසුරින් දැනුවත් කිරීම් ආදියෙන් මෙම වැඩසටහන සමන්විත විය.

බිඟු සම්පත සුරැකීමේ සංවිධානයේ මඟ පෙන්වීම මත මෙරට පළමු බිඟු දින සැමරුම් උත්සවය යාපනයේදී වර්ෂ 2018දී පැවැත්විණි. මෙවර ජාත්‍යන්තර බිඟු දින සැමරුම් ජාතික උත්සවය අද ගන්නේරුවේදී ආරම්භ වූ අතර එහි තවත් දිනයක් මැයි 25 වන දින පේරාදෙණීය විශ්ව විද්‍යාලීය කෘෂිකර්ම පීඨයේදී පැවැත්වේ.

ගන්නෝරුව සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ මීමැසි පාලන ඒකක පරිශ්‍රයේදී පැවැති වැඩසටහන මගින් මී මැසි පාලනය හදුන්වා දීම, මී මැස්සන් සඳහා සුදුසු බෝග වර්ග නිර්දේශ කිරීම, මී පැණි ආශ්‍රිත ආහාර වර්ග හදුන්වාදීම ආදීයෙන් ද සමන්විත විය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට එරෙහිව අද ප්‍රහාරයක් එල්ල විය හැකි බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ඉරානයට එරෙහිව...

බ්‍රසීල ජනාධිපතිවරණයේ තීරණාත්මක දෙවැනි වටය අද

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: බ්‍රසීල ජනාධිපතිවරණයේ...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් වන ලකුණු – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

පිටු බාගයක පුවත්පත් දැන්වීමක් පළකරමින් ෆවුසි ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු අමාත්‍ය ඒ....