අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනිට මරණ තර්ජන එල්ල කරමින් ඊ-මේල් පණිවිඩයක්!

රෂිකා හෙන්නායක මැයි 21, කොළඹ LNW :

අග්‍රාමාත්‍යවරියගේ දෛනික ගමන් මාර්ග පිළිබඳව ද වැඩි අවධානයක් යොමු කර ඇති බව වාර්තා වේ.

ඒ, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට ඊ-මේල් පණිවිඩයක් හරහා එල්ල වූ මරණීය තර්ජනය සම්බන්ධයෙන් පොලීසියේ දැඩි අවධානයක් යොමුව ඇති බැවිනි.

කෙසේවෙතත් අග්‍රාමාත්‍යවරිය විසින් ආරක්ෂ අංශය වෙත පවසා ඇත්තේ අදාළ සිදුවීම පිළිබඳ නිසි සොයා බැලීමක් සිදුකර දැනට ලබාදී ඇති ආරක්ෂාව ද අවම කරන ලෙසයි. මේ අතර අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට ඊ-මේල් පණිවිඩයක් හරහා එල්ල වූ තර්ජනය පිළිබඳව පාර්ලිමේන්තුවේදී ද ඊයේ අදහස් පළ විය. 

එහිදී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ අදාළ මරණීය තර්ජනය සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි. එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කර ගනිමින් ස්නයිපර් ප්‍රහාරයක් එල්ල කරන බවට මීට පෙර පොලීසියට ලැබී තිබූ තොරතුර සම්බන්ධයෙන්ද, එහිදී අදහස් පළ විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලිට්‍රෝ වෙතින් නිවේදනයක්!

වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා,...

ඉහළ යන තෙල් මිල හමුවේ ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වේගවත් කිරීමට සිතුවත් බාධා රැසක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාව පුනර්ජනනීය...

ගොවියාගේ පුතාට රට භාරදීලා අද ගොවියෝම අසරණ වෙලා – විපක්ෂ නායක

කොළඹ LNW:පසුගිය ජනාධිපතිවරණ දෙකේදීම ගොවි ජනතාව පත් කර ගත්...

උතුරේ සෞඛ්‍ය ශක්තිමත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ අවධානය.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : පවතින ගැටලුවලට කඩිනම්...