අපිට ජන්දය නොදුන්න ජනතාවටත් ඇහැට කඳුලක් එන්න අපි මේ රට හදනවා – NPP මන්ත්‍රී සුරවීර(VIDEO)

Date:

කොළඹ LNW:ජාතික ජන බලවේගයට ජන්දය නොදුන්න ජනතාවටත් ඇහැට කඳුලක් නැගෙන පරිදි මේ රට හදන බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පැවසීය.

ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ කණ්ඩායම් මෙවර පළාත් පාලන මැතිවරණයේදීත් බිමටම සමතලා කර තිබෙන අතර තවදුරටත් ජාතික ජන බලවේගය කෙරෙහි ජනතාව විශ්වාසයක් තබා තිබෙන බව මැතිවරණ ප්‍රතිඵල මඟින් පෙන්නුම් කරන බවයි සුරවීර මහතා පැවසුවේ.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (20) පස්වරුවේ මහරගම වත්තේගෙදර,නාවින්න සහ විජේරාම පාසල් මවත් යන ප්‍රදේශවල වසර 25ක පමණ කාලයක සිට මුහුණ දෙන ගං වතුර උවදුරට විසඳුම් දීම වෙනුවෙන් වේරැස්ස ව්‍යාපෘතියේ නවීකරණයට සහභාගී වෙමිනි.

ඒ අනුව මහරගම නගර සභාව මඟින් රු. ලක්ෂ 80ක වැය බරක් සහිත ව්‍යාපෘතියක් ලෙස වේරැස්ස ව්‍යපෘතිය සිදුකරන අතර එමඟින් ජලයෙන් අවහිර වන එම ස්ථානය පිරිසිදු කර ජලය ඉදිරියට ගලාගෙන යන ලෙස පොකුණක් සහිතව එම ස්ථානය සකස් කිරීම සිදුවෙයි.

තමන් නියෝජනය කළ පක්ෂවලින් නාමයෝජනා නොලැබුණු මෙන්ම එම පක්ෂ ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කරන පිරිසක් පළාත් පාලන මැතිවරණයේදී ස්වාධීන කණ්ඩායම් ලෙස ඉදිරිපත් වූ අතර ඔවුන්ගේ සහය ඇතිව ජාතික ජන බලවේගය ලෙස පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම් වෙනුවෙන් සාකච්ජා කරමින් සිටින බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එම නිසා පළාත් පාලන ආයතන පිහිටුවීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයට ප්‍රශ්නයක් නැති බව ඔහු අවධාරණය කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා මරණ 31 ක් දක්වා වැඩි වෙයි. මාර්ග රැසක ගමනාගමනයත් අත්හිටුවලා!

කොළඹ LNW:මේ වන විට රට තුළ පවතින අධික වර්ෂා...

පොදු රඳ මඬුළු යෂ්ඨිය වෙනුවෙන් සිඳ්ධ වූ මෙහෙයුම

නිශ්මං රණසිංහ නොවැම්බර් 27, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කිංග්ස්...

බදුල්ලේ නායේ යෑම් වලින් මිය ගිය ගණන 11 දක්වා වැඩි වෙයි. තවත් 07ක් අතුරුදහන්!

කොළඹ LNW:පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන...