විපක්ෂයේ පක්ෂ අතර පාර්ලිමේන්තුවේදී විශේෂ සාකච්ජාවක් – ප්‍රශ්නය කථානයකටත් යයි!

Date:

කොළඹ LNW:විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ විපක්ෂයේ පක්ෂ නායකයින් සහ මන්ත්‍රීවරු අතර ඊයේ (20) පාර්ලිමේන්තුවේදී විශේෂ සාකච්ජාවක් පවත්වා තිබේ.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති එම සාකච්ජාවේදී ජාතික ආරක්ෂාව බිඳ වැටීම පිළිබඳව අවධානය යොමුකර ඇති බව සඳහන්.

මෙම අවස්ථාවට ගයන්ත කරුණාතිලක, සිවඥානම් ශ්‍රීධරන්, රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, රවී කරුණානායක, ජීවන් තොණ්ඩමන්, කේ. කාදර් මස්තාන්, දිලිත් ජයවීර, දයාසිරි ජයසේකර, ජේ.සී. අලවතුවල, ආචාර්ය එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා, වෛද්‍ය පී.සත්‍යලිංගම්, නිසාම් කාරියප්පර් යන මන්ත්‍රීවරු එක්ව ඇත.

පවතින වාතාවරණය තුළ රටේ ජන ජීවිතයට බලපෑමක් ඇති වී ඇති අතර විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මහජන සේවාව නිදහසේ ඉටු කිරීමට නොහැකි තත්ත්වයක්ද උද්ගත වී ඇති බව පක්ෂ නායකයින් එහිදී පෙන්වා දී තිබේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් කථානායකවරයා දැනුවත් කර පාර්ලිමේන්තුව තුලදී මෙන්ම පිටත දී නිදහසේ සහ ස්වාධීනව කටයුතු කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීමේ වගකීම සහ වගවීම අවධාරණය කිරීමට විපක්ෂයේ කණ්ඩායම් එම සාකච්ජාවේදී තීරණය කර ඇත.

මතුව ඇති තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කිරීමට පොලිස්පති සහ ප්‍රභූ ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂවරයා වහාම පාර්ලිමේන්තුවට කැඳවන ලෙස ද කථානායකවරයාගෙන් ඉල්ලා සිටිය යුතු යැයි පක්ෂ නායකයින් තීරණය කර ඇති අතර ඒ අනුව කථානායක හමුවී පක්ෂ නායකයින් එම තීරණ හා යෝජනා පිළිබඳව දැනුවත් කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුමාත්‍රා හි භූ කම්පනයක්: ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවලටත් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උදෑසන 10.26ට පම...

සෙනසුරාදත් උසස් පෙළ විභාගය අවලංගුයි – විභාගය පැවැත්වෙන දින මෙන්න!

කොළඹ LNW: සෙරසුරාද දිනයේද (29) අපොස උසස් පෙළ විභාගය...

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 06ක් විවෘත කරයි!

කොළඹ LNW: ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ...

චීනය සමඟ වන ආරවුල් අවසන් කර ගන්නා ලෙස ජනාධිපති ට්‍රම්ප් ජපානයේ නව අගමැතිවරියගෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 27: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : චීනය...