හිටපු ජනාධිපති ගෝඨාභය පත්කළ දේශපාලන පළිගැනීම් කොමිසමේ නිර්දේශයක් බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්!

Date:

රෂිකා හෙන්නායක මැයි 22, කොළඹ LNW :

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දේශපාලන පලිගැනීම් පිළිබදව සොයා බැලීම සඳහා පත්කළ විමර්ශන කොමිසමේ නිර්දේශ මගින් අල්ලස්  කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරියක මෙන්ම  හිටපු සොලිසිටර් ජෙනරාල් වන දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ  මූලික අයිතිවාසියක් උල්ලංඝනය වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරනු ලැබූ බව වාර්තා වේ.

ඒ අනුව ඇයට එරෙහිව අදාල කොමිසම විසින් නිකුත් කර තිබෙන නිර්දේශ හා සොයා ගැනීම් බල රහිත කරන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ සඳහන් කර ඇත.

අදාල කොමිසම විසින් තමන්ට එරෙහිව සිදුකර තිබෙන නිර්දේශ හා සොයා ගැනීම් බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝග නිකුත් කරනු ලැබීය.

ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කල අතර තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරු සඳහන් කළේ පෙත්සම්කාරියට එරෙහිව අදාළ පරීක්ෂණ කොමිසමට ඉදිරිපත් වූ පැමිණිල්ල විභාග කිරීමට එම කොමිසමට නීත්‍යානුකූල බලයක් නොතිබූ බවයි. 

ඒ අනුව එම විමර්ශනය මත පදනම්ව කොමිසම විසින් ඇයට එරෙහිව නිකුත් කළ නිර්දේශ හා සොයා ගැනීම් නීතියට පටහැනි බවත් තීන්දුවේ සඳහන් වී ඇති අතර,

ඒ අනුව පෙත්සම්කාරියට එරෙහිව අදාළ කොමිසම විසින් නිකුත් කළ නිර්දේශ හා සොයා ගැනීම් සියල්ල බල රහිත කිරීමට තීන්දු කරන බවත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව නියෝග කළ බව පැවසේ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස දේශපාලන පළිගැනීම්  සොයා බැලීමේ ජනාධිපති කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න එහි සාමාජිකයින් වන අභියාචනාධිකරණ හිටපු අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක සහ හිටපු පොලිස්පතිවරයෙකු වන චන්ද්‍රා ප්‍රනාන්දු
ඇතුළු පිරිසක් නම් කර තිබුණි.

පෙත්සම්කාරිය කියා සිටින්නේ තමා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් හා නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජනරාල් වශයෙන් කටයුතු කළ අවධියේ බලය අයථා  ලෙස පරිහරණය කරමින් හා රාජ්‍ය සේවයට අපකීර්තියක් වන ආකාරයෙන් කටයුතු කළේ යැයි චෝදනා කරමින් අදාළ කොමිසම විසින් තමන්ට එරෙහිව නිර්දේශ නිකුත් කළ බවයි. 

අදාල කොමිසම විසින් තමන්ට එරෙහිව එම නිර්දේශ නිකුත් කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් ඒ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් පෙත්සම්කාරිය කියා සිට ඇත.

ඒ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදන ලෙසත් ඇය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික රෝහලට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් දැඩි සත්කාර ඒකකයට !

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

සියල්ලටම ප්‍රධාන වන්නේ ඔබගේ සිතුවිල්ලයි:සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂක සංජීව පුෂ්පකුමාර

ඔබට අවශ්‍යයවන්නේ මිනිසෙකුට අකමැතිවීමට පළමුව ඒ සදහා අවශ්‍යවන සිතුවිල්ලයි....

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට නොතීසි!

රෂිකා හෙන්නායක අගෝස්තු 23 කොළඹ LNW: හිටපු මහ බැංකු අධිපති...

රනිල් බන්ධනාගාර රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරුකරයි !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...