ජනාධිපති ට්‍රම්ප්ගේ බදු කප්පාදු පනත් කෙටුම්පත නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සම්මත කරයි

සටහන: සශිකලා මධුෂාණි
මැයි 22; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඩොලර් ට්‍රිලියන ගණනක බදු කප්පාදුව සහ වියදම් පියවර පනත් කෙටුම්පත අද(22)දිනයේදී නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සම්මත කර තිබේ.

ඒ අනුව, නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් ඡන්දය 215න් ජන්ද 214ක් මෙම පනත සම්මත කර ගැනීම වෙනුවෙන් ලබාදී ඇති අතර ඇන්ඩෲ ගාබරිනෝ, ආර්-එන්.වයි. සහ ඩේවිඩ් ෂ්වෙයිකර්ට්, ආර්-ඇරිස් ජන්දය ප්‍රකශ කිරීමෙන් වැලකී සිටින ලදී.

ඩිමොක්‍රටික් පක්ෂය මෙය අන්ධකාර ආවරණයක් යටතේ විවාද කර සම්මත කිරීම සම්බන්ධයෙන් රිපබ්ලිකන් පක්ෂයට චෝදනා කළ අතර, විශාල, ලස්සන පනත් කෙටුම්පත වශයෙන් ජනාධිපති ට්‍රම්ප් හඳුන්වන මෙම පනත මගින් ට්‍රම්ප්ගේ ජනප්‍රිය මැතිවරණ පොරොන්දු බොහොමයක් ඉටු කරනු ඇත.

ඒ අනුව, මෝටර් රථ ණය සඳහා නව බදු සහන ලබා දෙන අතර මිලිටරි සහ දේශසීමා බලාත්මක කිරීම, බදු කප්පාදු දීර්ඝ කරන අතර හමුදාව පුළුල් කිරීම, ඔහුගේ සමූහ පිටුවහල් කිරීමේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට මුදල් සම්භාරයක් අඩංගු වේ.

එමෙන්ම මෙම පනත් කෙටුම්පත 2022 දී ඩිමොක්‍රටික් පක්ෂය විසින් සම්මත කරන ලද පිරිසිදු බලශක්ති බදු ණය මාලාවක් අවලංගු කරන අතරම, මෙඩිකේඩ් සහ අතිරේක පෝෂණ ආධාර වැඩසටහන (SNAP) සඳහා ඩොලර් බිලියන සිය ගණනක කප්පාදු ඇතුළු අනෙකුත් ක්ෂේත්‍රවල වියදම් ද කපා හරිනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉන්දියාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ජාත්‍යන්තර...

ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකා වෙරළ...

වසර 36කට පසු කන්කසන්තුරේට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : නව ගොඩනැගිල්ලට මුල්ගල...

විහාරමහාදේවියේ පැවති අඛණ්ඩ සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ...