වැසි තත්වයේ වෙනසක් – අද (23) කාලගුණය

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අද (මැයි 23) දිනයේදී බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව පළාතෙත් අම්පාර, මඩකළපුව සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම – නාමල්ට විවෘත ලිපියක්!

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම - නාමල්ට විවෘත ලිපියක්!

මහනුවර අපරාජිත බව බිඳ වැටෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්