*
Saturday, May 24, 2025
spot_img

Latest Posts

දකුණු ආසියානු කණිටු මේස පන්දු අනු සූරයින් සහ ක්‍රීඩා ඇමති හමුවක්

සටහන – නිශ්මං රණසිංහ 

මැයි 24, කොළඹ LNW: නේපාලයේ කත්මන්ඩු නුවර දී පැවති දකුණු ආසියානු කනිෂ්ඨ යොවුන් මේස පන්දු තරඟාවලියේ දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම විසින් විශිෂ්ට දක්ෂතා දක්වමින් සමස්ථ තරඟාවලියේ දෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත්විය. ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම තරඟාවලියේ දී රිදී පදක්කම් 02ක් සහ ලෝකඩ පදක්කම් – 08 ක් ජයග්‍රහණය කරමින් අනුශූරයින් බවට පත්විය.
කණ්ඩායම් ඉසව් වලදී ශ්‍රී ලංකාවට පහත සඳහන් රිදී පදක්කම් දෙක දිනා ගන්නට හැකි විය.


🥈 වයස අවුරුදු 19න් පහළ පිරිමි කණ්ඩායම – රිදී
🥈 වයස අවුරුදු 15න් පහළ බාලිකා කණ්ඩායම – රිදී
එසේම පහත සඳහන් කණ්ඩායම්,ඒකල මෙන්ම යුගල සහ මිශ්‍ර යුගල ඉසව්වලදි ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් හිමි විය.
🥉 වයස අවුරුදු 19න් පහළ බාලිකා කණ්ඩායම – ලෝකඩ
🥉 වයස අවුරුදු 15න් පහළ පිරිමි කණ්ඩායම – ලෝකඩ
🏓 යුගල ඉසව්:
🥉 වයස අවුරුදු 19න් පහළ පිරිමි යුගල – ඩිරාන් හැමර් සහ දනුක් ලමසූරිය
🥉 වයස අවුරුදු 19න් පහළ බාලිකා යුගල – ෂමල්ෂා දෙව්මි සහ ලෙසන්යා සේතුම්ඩී
🥉 වයස අවුරුදු 15න් පහළ බාලිකා යුගල – යොෂිනි ජයවර්ධන සහ චානුකි අක්ෂානා
🏓 මිශ්‍ර යුගල:
🥉 වයස අවුරුදු 15න් පහළ මිශ්‍ර යුගල – අගස්ති ආනන්දිත සහ යොෂිනි ජයවර්ධන
🏓 ඒකල ඉසව්:
🥉 වයස අවුරුදු 19න් පහළ බාලිකා කේවල – ෂමල්ෂා දෙව්මි
🥉 වයස අවුරුදු 15න් පහළ බාලිකා කේවල – චනුකි අක්ෂානා


මෙම ජයග්‍රාහී ශ්‍රී ලංකා යොවුන් මේස පන්දු කණ්ඩායම තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී අද (2025 මැයි 22) තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ හමුවිය. එහිදී ඔවුන්ගේ දැඩි උත්සාහය සහ කැපවීම අගය කළ අමාත්‍යවරයා ඔවුන් දැක්වූ විශේෂ දක්ෂතා ප්‍රශංසාවට ලක් කළ අතර, අනාගත ජයග්‍රහණ සඳහා ද සැලසුම් සහගතව සූදානම් විය යුතු බව අවධාරණය කළේය.

ඔවුන් ලද එම ජයග්‍රහණයත් සමඟ එළඹෙන ජුනි මාසයේ උස්බෙකිස්තානයේ පැවැත්වීමට නියමිත ආසියානු කනිෂ්ඨ යොවුන් මේසපන්දු තරඟාවලිය සඳහා සහභාගිවීමට සුදුසුකම් ලැබීම පිළිබඳව ද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමාත්‍යවරයා මෙහිදී සුබ පැතුම් එක් කළේය.

මෙම අවස්ථාවට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ෂෙමාල් ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකා යොවුන් මේස පන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චතුර දුෂාන් මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ඔවුන්ගේ දෙමාපියන් ද සහභාගී වූහ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan