එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් යුරෝපා සංගමයේ භාණ්ඩ වෙනුවෙන් 50%ක බදු අයකරන බවට අනතුරු අඟවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
මැයි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුරෝපා සංගමයෙන් එක්සත් ජනපදයට ආනයනය කරන සියලුම භාණ්ඩ සඳහා 50% ක තීරුබදු පැනවීමට සුදානම් බවට වාර්තා වේ.

මෙහිදී ඇමරිකාවේ නිෂ්පාදනය නොකරන අයිෆෝන් සඳහා අවම වශයෙන් 25% ක ආනයන බද්දක් පනවන බවට ඔහු ඇපල් සමාගමට අනතුරු ඇඟවූ අතර, මෙම තීරුබදු ජුනි 1 වන දා සිට ක්‍රියාත්මක වන බවට හෙතෙම ධවල මන්දිරයේදී වාර්තාකරුවන්ට සඳහන් කර තිබිණි.

මේ සමබන්ධයෙන් යුරෝපීය සංගමයේ වෙළඳ කොමසාරිස් මාරෝස් සෙෆ්චොවිච් සිය සමාජ මාධ්‍යවල සඳහන් කර තිබුණේ, යුරෝපා සංගම්-ඇමරිකානු වෙළඳාම අසමසම වන අතර තර්ජන වලින් නොව අන්‍යෝන්‍ය ගෞරවයෙන් මෙහෙයවිය යුතු බවත්, ගනුදෙනුවක් සුරක්ෂිත කිරීමට තමන් කැපවී සිටින බවත්, පළිගැනීමටවුවද සූදානම් බවත්ය.

ට්‍රම්ප් පසුගිය මාසයේ බොහෝ යුරෝපා සංගම් භාණ්ඩ සඳහා 20% ක තීරුබදුවක් ප්‍රකාශයට පත් කළ නමුත් සාකච්ඡා සඳහා කාලය ලබා දීම සඳහා ජූලි 8 වන දින දක්වා එය 10% දක්වා අඩකින් අඩු කළේය.

කෙසේ නමුත් මෙම කාරණයත් සමඟ එක්සත් ජනපදයේ සහ යුරෝපා සංගමයේ කොටස් පහත වැටුණු අතර, S&P 500 0.7% කින් පමණ පහත වැටුණු අතර ජර්මනියේ Dax සහ ප්‍රංශයේ Cac 40 දිනය අවසන් වන විට 1.5% ට වඩා පහත වැටුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පකිස්ථාන විදේශ අමාත්‍යවරයා සහ බංග්ලාදේශ නිලධාරීන් අතර සාකච්ඡා

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පකිස්ථාන විදේශ අමාත්‍යවරයා...

Emine Erdogan ගෙන්  Melania Trumpට ලිපියක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ සහ රුසියාවේ...

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගැනත් විමර්ශන ඇරඹේ!

කොළඹ LNW:හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරමින...