*
Thursday, May 29, 2025
spot_img

Latest Posts

රොහාන් එක්ක ගිය බැඩිමින්ටන් රොෂාන් එක්ක යන්න අත අල්ලා ගැනීමේ මොහොතේ සිට….

නිශ්මං රණසිංහ මැයි 26, කොළඹ LNW:

ඉදිරි වසර දෙක සඳහා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් හි සභාපතිත්වය රොෂාන් ගුණවර්ධනට පවරමින් රොහාන් ද සිලවා ඉවත්ව ගියා.ඒ නිල සිදුවීම බැඩ්මින්ටන් නිලවරණයට අදාළව කින්ග්ස්බරි හෝටලයේදි සිඳු වුණා.
රොෂාන් ගුණවර්ධනට භාර වෙන සභාපතිත්වය තනතුරක හුවමාරුවක් නොවන ඉදිරි අනාගතය සම්බන්ධයෙන් බැදුණ වගකීමක් වෙනවා.මේ වන විට ජාත්‍යන්තර මට්ටමෙන් ශ්‍රී ලංකා බැඩිමින්ටන් ක්‍රීඩකයින් ගැන මෙන්ම ක්‍රීඩිකාවන් ගැන ද වැඩි අවධානයක් යොමුව තිබෙනවා.ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් තරග සංවිධානයටත් ශ්‍රී ලංකාවට අවස්ථාව දෙන තරමට ජාත්‍යන්තරයේ විශ්වාසය ගොඩ නැඟී තිබෙනවා.


මේ තත්ත්වයන් ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යාමට තමයි රොෂාන් ගුණවර්ධනට නායකත්වය දීමට සිඳුව තිබෙන්නේ.රොෂාන් පසුගිය වසර කිහිපය පුරා අනාගතය වෙනුවෙන් වත්මන් දක්ෂයන්ගේ ගමන අඛන්ඩව පවත්වා ගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ බාල පරපුර සකස්කිරීමේ ක්‍රියාදාමය පොහොසත් කිරීමට නායකත්වය දුන්නා.ඒ නිසා ඔහු දේශිය වශයෙන් පහළ වයස් කාණ්ඩයන්හී බැඩිමින්ටන් ක්‍රීඩාව ඉහළ මටටමකට ගෙන ඒමේ කාරණය සාක්ෂාත් කිරීමේ වගකිම සිය උප සභාපතිත්වය යටතේ පවත්වා ගෙන ගිය පුද්ගලයා වෙනවා.


එ් කාරණය රොෂාන්ගේ සභාපතිත්වය ගැන යහපත් හැඟීමක් ඇති කර ගන්න හොඳ සළකුණක් වෙනවා.එසේම රොහාන් ද සිය තනතුර පරිත්‍යාග කළාට මූල්‍යමය වශයෙන් කරන පරිත්‍යාග ඉවත් කර ගැනීමට කටයුතු කරන එකක් නැහැ.මොකද ඒ හයියෙන් තමයි ශ්‍රී ලංකාවෙ බැඩිමින්ටන් හුස්ම ගත්තෙ.සක්‍රීයව ජයයෙන් වැඩ කළේ.ඒ පරිසරය එක පාරටම හකුළා දැමීම සිඳු වුවහොත් බැලුම් බෝලයකට කය්යකින් ඇන්නා හා සමාන විය හැකියි.


එහෙත් රොහාන් ද සිල්වා සභාපති පුටුවේ සිටින විට තිබුණ ආර්ථික ස්ථාවරය වූයේ ඔහුමය.ඒ විශ්වාසය ඔහු සතුව තිබුණේය.මේ කාරණය රොෂාන් මෙන්ම ශ්‍රී ලංකා බැඩිමින්ටන් ද ඔහුගේ උදව්ව හරහා පියවා ගන්නා අතර තුර අනාගතය වෙනුවෙන් ශ්‍රී ලංකා බැඩිම්න්ටන් මත හොඳ ගිණුම් අගයක් ඇති කරන හැටි සිතිය යුතුව ඇත.එය අභියෝගයකි.සාමූහිකව කළ යුතු වැඩක් මිස එය රොෂාන් ගුණවර්ධන පටවා අත පිසදා ගෙන අඩුවක් වුවහොත් ඔහුට බැන වැදීම නොකළ යුතුව ඇත.


වඩාත් හොඳ සංවිධායකයන් පරිපාලකයන් හඳුනා ගන්නට ලැබෙන්නේ මෙවැනි අවස්ථාවලදී ය.ඉදිරිය වෙනුවෙන් ඉතිරිය කියන කාරණය ක්‍රීඩාවේ ගුණාත්මක තත්ත්වයන් සුරක්ෂිත කර ගනිමින් සහ මූල්‍යමය ශක්තිය තහවුරු කර ගනිමින් කරන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කළ යුතුය.ක්‍රීඩා අමාත්‍යංශය බැඩිමින්ටන් ජාත්‍යන්තර වශයෙන් මේ ක්‍රීඩාව රටට ඉතා වටින දේ කරද්දී පවා සිටියේ ඉවත බලාගෙනය.එය සසමහර විට වෙන කුමන හෝ හේතුවක් නිසා සිඳු වූ එකක් වන්නට ද ඉඩ ඇත.රොෂාන් වැනි ප්‍රායෝගික දේශපාලනයෙ තෙම්පරාදු වූ කෙනෙකුට සමහර විට මේ තත්ත්වය සුබදායක කර ගන්නට ඉඩ ඇත.එහෙත් අභියෝගය තිබෙන්නේ ක්‍රීඩා අමාත්‍යංශය යම් ආකාරයකින් ක්‍රීඩාව දෙස බලන්නේ පුද්ගලානුබද්ධ දෘෂ්ඨියකින්නම් එය ක්‍රීඩාවෙ දේශපාලන නායකත්වයේ නොපැවතිය යුතු ලක්ෂණයක්ය.


මේ සියලු අභියෝග බලපෑම් වෙනස් වෙන හැටි හෝ යහපත් තත්ත්වයන් තිබුණාටත් වඩා යහපත් වීම අපි අපේක්ෂාව කර සිතමු.රොෂාන් ගුණවර්ධනට යෂ්ඨිය හමුවන විට සිටි ඉදිරිගාමී ස්ථානය රැකගෙන තවත් ඉදිරියට යාමට හැකියාව ලැබේවා යන්න අපේ පැතුමය.අපේ අත්වල ඇත්තේ මල් පමණය.සමහර විට ඒවා විවේචන වූ විට ගල් සේ භාර ගැනීම සමහරුන්ගේ සිරිතය.එහෙත් අප හිතන්නේ ගල පෙරළෙන මාර්ගයක මල් පිපී සුවඳ දෙන තැන් හරියටම ඉව කෙරෙන හමන මල් සුවඳ ඒ විවේචනවල ඇති බවය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan