*
Thursday, May 29, 2025
spot_img

Latest Posts

රිදීවළා අතර සැඟව ගිය ආකාස කුසුම….

සිය අද්විතීය රංගන පෞර්ශයෙන් රසික ප්‍රසාදය දිනාගනු ලැබූ ජනකාන්ත වූ හෙළ සිනමාවේ නිළි රැජිණ මාලනී ෆොන්සේකා මැතිණිය අභාවප්‍රාප්ත වුයේ(24) අළුයමයි.

ඒ දිගු කලක් රෝගාතුරව සිට පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය. අභාවප්‍රාප්ත වන විට එතුමිය 78වන වියේ පසුවුණා.

ශ්‍රිලාංකිය සිනමාව උපන් වසරෙන්ම එනම් 1947 වසරේ අප්‍රේල් මස 30 වන දා කැලණියේ 11 දෙනෙකුගෙන් යුත් පවුලක උපත ලද වන්නි අරච්චිගේ මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා හෙවත් මලානි ෆොන්සේකා සිය මුලික අධ්‍යාපනය නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාල හා කැලණිය ගුරුකුල විද්‍යාලයෙන් නිම කරනු ලැබිය.

1963 වසරේදී ‘නොරත රත’ නමැති වේදිකා නාට්‍යයේ උදුම්බරාගේ චරිතය නිරූපණය කරමින් වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට අත්පොත් තබනු ලැබූ මාලනිය 1968 වසරේදී ‘අකල් වැස්ස’ නාට්‍යගේ රංගනය වෙනුවෙන් ජාතික නාට්‍ය උළෙලේ දක්ෂතම නිළිය ලෙසින් ඇය සම්මානට පාත්‍ර විය.

ඉන් ලද වරමින් සිනමාවට අත්පොත් තබන මාලිනිය 1968 වසරේදී ම තිස්ස ලියනසූරියගේ ‘පුංචි බබා’ චිත්‍රපටයේ සිනමාවේ දැවැන්තයෙක් වන ජෝ අබේවික්‍රමයන් සමඟ සිය සිනමා වංශකතාව ආරම්භ කිරීමට භාග්‍ය සම්පන්න විය.

එම රංගනය වෙනුවෙන් ජනප්‍රියම නිලියට හිමි සම්මානය දිනාගනු ලැබූ ඇය එම වසරේම ‘දහසක් සිතුවිලි’ හා ‘ආදරවන්තයෝ’ වැනි චිත්‍රපට රැසකට ආරාධනා ලැබෙන්නේ ඇයගේ රංග ප්‍රතිභාව හා දුටුවන් වසඟයට ගන්නා රූ සපුව නිසාමය.

‘පුන්චිබබා’ චිත්‍රපටයේ සිට ‘භවතරන’ චිත්‍රපටය දක්වා දශක හයකට වැඩි කාලයක් තුළ ඇය එකිනෙකට වෙනස් වූ චිත්‍රපට 142ක අධික සංඛ්‍යාවක සිය රංගන හැකියාවන් ප්‍රදර්ශනය කළ අතර නිධානය , සිරිපාල සහ රන්මැණිකා, බඹරු ඇවිත්, කස්තුරි සුවඳ, තුෂාරා, ආවා සොයා ආදරේ ආදී සිනමා නිර්මාණ රැසක් වෙනුවෙන් ඇයගේ රංගනය සුවිශේෂයෙන්ම සඳහන් කළ යුතුමය.

මාලනිය ශ්‍රී ලාංකේය සිනමාවේ ජනප්‍රියම යුග තුනක කියවුණු එකම නිළි නාමය වූ අතර ගාමිණී-මාලනී යුගයත්, විජය-මාලිනි යුගයත් හා රවින්ද්‍ර-මාලිනි යුගයත් ලෙසිනි. ඒ අනුව ඇය චිත්‍රපට 135කම ප්‍රධාන නිළිය වශයෙන් දායක වූ එකම රංගන ශිල්පිනිය විය.

මේ සමඟ ඇය14 වතාවක් ජනප්‍රියතම හා හොදම නිලියට හිමි සම්මානයන් ලබා ගනිමින් රිදී තිරයේ වාර්තා අතරටද එක් විය.

ඇය පිටගම්කාරයෝ ඇතුළු ටෙලි නාට්‍ය 20කට පමණ රංගනයෙන් දායකව අතර ඇය සිය සිනමා ගමන් මගෙහි වෙනස්ම අත්දැකීමක් ලබමින් 1978 පයිලට් ප්‍රේම්නාත් නම් ද්‍රවිඩ සිනමා නිර්මාණයකට දායක වීමද මෙහිලා සඳහන් කරනු වටියි.

මාලනිය චිත්‍රපට නිෂ්පාදනයට හා අධ්‍යක්ෂණයට ද පිවිසෙමින් සසර චේතනා (1984), අහිංසා (1987) සහ ස්ත්‍රී (1991) යන චිත්‍රපට නිර්මාණය කළ අතර දශක හයක් පුරා සිනමාවේ පෑ පෙළහර වෙනුවෙන් දෙස් විදෙස් සම්මානයට පාත්‍ර වූ ඇය ඒ අනුව ඇය ජාත්‍යන්තර සම්මානයක් හිමි කර ගත් පළමු ශ්‍රී ලාංකික රංගන ශිල්පිනිය ද විය.

එනම් ඇය 1975 වසරේදී 9 වන මොස්කවූ ජාත්‍යන්තර සිනමා උළලේදී හා 1977දි දිල්ලි ජාත්‍යන්තර සිනමා උළලෙත් ඇය සම්මානයට පත්‍ර විය.

1975 ගෞරව ඩිප්ලෝමා සහතිකය – 9 වැනි අන්තර් ජාතික මොස්කව් සිනමා උළෙල – චිත‍්‍රපට නිෂ්පාදකවරුන් ගේ සම්මානය – එයා දැන් ලොකු ළමයෙක්
1977 ගෞරව කුසලතා සම්මාන සහතිකය – සිරිපාල සහ රන්මැණිකා – 6 වැනි දිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙල
1989 සාර්ථකම කාන්තාව සොන්ටා ජාත්‍යන්තර සම්මානය – සොන්ටා ජාත්‍යන්තර සංවිධානය
රිදී මයුර සම්මානය – 39 වන ඉන්දියා ජාත්‍යන්තර සිනමා උළෙල
ප්‍රංශයේ, ඩූවිල් නගරාධිපතිවරයා පිරිනැමූ ‘ඩූවිල් නගර සම්මානය
‘ –

ඇය ලත් ජනාධිපති සම්මාන අතර
1978 – හොඳම නිළිය – බඹරු ඇවිත්
1979 – හොඳම නිළිය – වසන්තයේ දවසක්
1981 – හොඳම නිළිය – ආරාධනා
1985 – කලාසූරී සම්මානය
1996 – “විශ්ව ප්‍රාසාදිනී” උපහාර සම්මානය – විශේෂ සම්මානය ජනාධිපති විසින් මාලිනී ෆොන්සේකා මහත්මිය හට පිරිනමනු ලැබූවා ඇය විසින් ශ්‍රී ලාංකීය සිනමා කර්මාන්තයෙහි මෙහෙවරට.
සරසවිය සම්මාන
1979 හොඳම නිළිය – හිඟන කොල්ලා
1979 වසරේ ජනප්‍රියතම නිළිය
1980 ජනප්‍රියතම නිළිය
1981 හොඳම නිළිය – ආරාධනා
1981 ජනප්‍රියතම නිළිය
1982 හොඳම නිළිය – යස ඉසුරු
1982 ජනප්‍රියතම නිළිය
1983 ජනප්‍රියතම නිළිය
1984 ජනප්‍රියතම නිළිය
1985 ජනප්‍රියතම නිළිය
1985 විශේෂ සම්මානය – රුපියල් ලක්ෂ 50 ඉක්මවූ චිත්‍රපට සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවේ සම්මානය
1985 ජූරියේ විශේෂ සම්මානය – රංගනය,අධ්‍යක්ෂණය,නිෂ්පාදනය උදෙසා – සසර චේතනා
1985 රණතිසර සම්මාන
2009 සහය නිළිය අබා
සිග්නීස (ඕසීඅයිසී) සම්මාන
1977 නිර්මාණශීලී රංග කුසලතා – එයා දැන් ලොකු ළමයෙක් / සිරිපාල සහ රන්මැණිකා සහ දෙවියනි ඔබ කොහෙද
1980 නිර්මාණශීලී රංග කුසලතා – දඬු මොණරා
1982 නිර්මාණශීලී රංග කුසලතා – බැද්දේගම /ඉන්දුට මල්මිටක් සහ සොල්දාදු උන්නැහේ
1992 නිර්මාණශීලී රංග කුසලතා – මධුසමය
වෙනත්
1965 හොඳම වේදිකා නිළිය – අකල් වැස්ස නාට්‍යය
1968 ජනප්‍රියතම සහය නිළිය – පුංචි බබා – ස්වර්ණ සංඛ ගුවන් විදුලි සම්මාන
1972 හොඳම චරිත නිරූපණය – නිධානය – විචාරක සම්මානය
1972 හොඳම නිළිය – නිධානය – Sri Lanka Association of Critics
1972 ජනප්‍රියතම නිළිය – දීපශිකා සම්මානය
1977 රන් පියුම උපහාර සම්මානය
1973 ජනප්‍රියතම නිළිය – දීපශිකා සම්මාන
1975 Appreciation award from producers – එයා දැන් ලොකු ළමයෙක් – Movie Producers Association
1975 Appreciation Award – එයා දැන් ලොකු ළමයෙක් – ඉදිරිපත් කිරීම කලා කවය
1976 ජනප්‍රියතම නිළිය – සුසී – ලේක් හවුස්
1980 වසරේ දක්ෂතම කාන්තාව – ටොප් ටෙන් සම්මාන
1990 ශ්‍රී ලංකා නළු නිළි සංගමය විසින් පිරිනැමූ රන් පදක්කම – ඇය විසින් ප්‍රතික්ෂේප කරන ලදි
1991 හොඳම නිළිය – ස්වර්ණ සංඛ – මධුසමය
1992 වසරේ විශිෂ්ටතම කාන්තාව(සිනමා අංශය) – වනිතා විත්ති
1993 උන්ඩා අභිනන්දන සම්මානය – ‘මහමෙර පාමුල ටෙලිනාට්‍යය
1996 විශ්ව ප්‍රාසාදිනී උපහාර සම්මානය – ශ්‍රී ලංකා මාතාවට කළ අතිවිශිෂ්ට සේවය වෙනුවෙන් රාජ්‍ය නායිකාවන්ගේ සම්මානය
1996 උපහාර සම්මානය – ජනාධිපති සම්මාන උළෙල
1996 උපහාර සම්මානය – ත්‍රෙනිකායික සංඝ සාම ශ්‍රී පදනම
1997 “සත් පියුම් ප්‍රාසාදිනී ස්වර්ණ පද්ම උපහාර සම්මානය” – ලංකා කලා සංගමය
1997 හොඳම නිළිය – සුමති ටෙලි සම්මාන – පිටගම්කාරයෝ ටෙලිනාට්‍යය
1998 යුගාන්තය 99 උපහාර සම්මානය මුදල් ත්‍යාග ප්‍රධානය – ස්වාධීන රූපවාහිනීය, ලක්හඬ ගුවන්විදුලිය
2001 හොඳම නිළිය – සුමති ටෙලිසම්මාන – කෙම්මුර ටෙලිනාට්‍යය
2001 යාවජීව සම්මානය – යූ.ඩබ්ලිව්.සුමතිපාල අනුස්මරණ
2001 උපහාර සම්මානය – 40 වසරක සිනමා දායකත්වය වෙනුවෙන් – කොළඹ සරසවිය කලාපීඨයේ උපහාර සම්මානය
2003 උපහාර සම්මානය – කැලණිය ගුරුකුල විද්‍යාලයේ ආදි ශිෂ්‍යයා, විද්‍යාලංකාර පිරිවෙන හා කැලණිය ගම්වාසීන්
2003 උපහාර අභිනන්දන සම්මාන – වේදිකාව, සිනමාව හා රූපවාහිනිය ක්ෂේත‍්‍රය වෙනුවෙන් කරන ලද අනුපමේය සේවාව උදෙසා
2006-2007 වසරේ සිත් ගත් සිනමා නිළි සම්මානය – “නවලිය වෙන්ඩෝල් සිනමා උළෙල”
2008 ස්ලිම් නෙල්සන් ජනතා සම්මානය
2008 රජත මයුර සම්මානය – ආකාස කුසුම්

මිට අමතරව 2010 වසරේ CNN නාලිකාව විසින් ආසියාවේ විශිෂ්ඨතම සිනමා රංගන ශිල්පිනියන් අතරටද මාලනිය ඇතුලත් වූ අතර එතුමිය ජනාධිපති සම්මාන, සරසවි සම්මාන, සිග්නීස් (OCIC) ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලැබිය.

සිනමාවට මෙතෙකැයි කිව නොහැකි තරම් මෙහෙයක් කළ මාලනිය වන් නිළි රැජිණියන් දවසින් දෙකෙන් බිහි වන්නේ නැත. එය දිගුකාලින කැපවීම් රැසක ප්‍රතිඵලයකි. අද සිනමාවේ රංගන ශිල්පිනියන් මෙන් එකල මාලනී මුදල් පසුපස හඹා ගියේ නැත. ඇය මෑතක් වෙනතෙක්ම සිට ඇත්තේ කුලී නිවසකය. නමුත් ඔව්න් සිනමාවට කළ මෙහෙය අපමණය. ඔවුන්ගෙන් තොරව සිංහල සිනමාව සම්බන්ධයෙන්ද කතා කළ නොහැක. එතරම්ම සිංහල සිනමාව හා මාලනිය අත්‍යන්තයෙන්ම එකිනෙකට බද්දව සිටියි.

56 වසරක සිනමා වන්දනාවේ කරුණා කළ පුන්‍යවන්තිය වූ මාලනී ෆොන්සේකා නම් හෙළ සිනමා වංශකතාවේ නිළි රැජිණ අද(26)දින රාජ්‍ය ගෞරව සහිතව සදහටම අපෙන් වියෝවනු ඇත.

ඉතින් ඇය නිවනින් සැනසේවා යැයි පතමු.!

සටහන : සශිකලා මධුෂාණි

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan