ජය ගැනීමට නොහැකි වූ අර්ධ ශතක දෙකක් සමඟ වැස්ස තීරකයා වූ තරඟ පොකුරක්

Date:

නිශ්මං රණසිංහ මැයි 26, කොළඹ LNW:

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන ක්‍රීඩා සමාජ අතර පැවත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය වර්ෂාව නිසා යම්තාක් දුරට කල් දැමුවද,මැයි 26 වන දා නැවත ආරම්භයේදී ද තීරණ ගැනීමට වර්ෂාව බාධා කළේය.ඒ නිසා තරගවල තීරණ කෙරෙහි ඩක්වර්ත් ලුවිස් විසින් බලපෑම් කළ අතර එම තරගවලදී දකින්නට ලැබුණේ අර්ධ ශතක දෙකක් පමණි.එම අර්ධ ශතක දෙකම එම කණ්ඩායම්වල ජයග්‍රහණ කෙරෙහි බල නොපෑ අතර එක් අර්ධ ශතකයක් ලබා ගත් ක්‍රීඩකයා සිටින කණ්ඩායම පරාජයට පත් වූ අතර අනෙක් අර්ධ ශතකය ලැබූ කණ්ඩායමට තරගය නිමා කරන්නට වූයේ ජය පරාජය නොවිසඳුණු තරගයක් ලෙස ය.


බදුරලිය කණ්ඩායම සහ එන්සීසි කණ්ඩායම අතර පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූයේ වර්ෂාව හේතුවෙන්ය.එහිදී පළමුව පන්දුවට පහර දුන් බදුරලිය කණ්ඩායම පන්දු ඕවර් 20 ම පහර දි කඩුලු 7 ට ලකුණු 149 ක් රැස් කළ අතර ඉන් ලකුණු 58 පන්දු 29 දී ලබා ගත්තේ සීකුගේ ප්‍රසන්නය.එහෙත් එන්සීසී ක්‍රීඩා සමාජය පන්දුවට පහර දෙමින් සිටියදී වර්ෂාව නිසා තරගය නතර කර දැමිණ.එවිට පන්දු ඕවර් 3.1 දී එන්සීසී ලකුනු පුවරුව දැක් වුණේ කඩුලු 1 ක් දැවී ලකුණු 31 ක් ලෙස ය.


සතියේ වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කළේ කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජයේ කඩුලු රකින ක්‍රීඩක ලියෝ ෆ්‍රැන්සිස්කෝ ය.ඔහු ඉණිම අරඹමින් පන්දු 44 දී රැස් කළ ලකුණු 63 නිසා කුරුණෑගල කණ්ඩායම පන්දු ඕවර් 18 දී කඩුුලු 8 ට ලකුණු 160 ක් ලබා ගන්නට සමත් විය.වර්ෂාව නිසා පන්දු ඕවර් 18 ට සීමා වූ තරගයේ පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ පානදුර කණ්ඩායම පන්දු ඕවර් 17.4 දී තියුණු සටනකින් පසු සිය කණ්ඩායමේ ලකුණු පූවරුව කඩුලු 8 ට ලකුණු 162 ක් බවට පත් කරමින් ලියෝගේ වටිනා ඉණිමේ දීප්තිය මකා දැම්මේය.එම ජයග්‍රහණය සඳහා බෙහෙවින්ම බලපෑවේ පානදුර දෙවන කඩුල්ලට වැටුණු ලකුනු 74 ක සබඳතාවයය.එහිදී ඔෂධ ප්‍රනාන්දුගේ දායකත්වය ලකුණු 44 ක් සහ භාග්‍ය ජයකොඩිගේ දායකත්වය ලකුණු 44 ක් විය.


කෝල්ට්ස් ක්‍රීඩා සමාජය,බීආර්සී ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු 7 ක් ජයක් වාර්තා කරන්නට සමත් විය.පළමුව පන්දුවට පහර දුන් බීආර්සී කණ්ඩායම අසරණ කරමින් පන්දු 14.4 දී ලකුණු 73 ට සියලු දෙනා දවා ගැනීමට මුවර්ස් පන්දු යවන්නන් දැක් වූ දක්ෂතාවය එහිදී කෝල්ට්ස් ජයග්‍රහණයට ප්‍රධාන වශයෙන් හේතු විය.එහිදි හොඳම පන්දු යැවීම ඉදිරිපත් කළ අකිල ධනංජය ලකුණු 10 ට කඩුලු 3 ක් දවා ගන්නට සමත් විය.පන්දු ඕවර් 11.1 ක් ගෙවෙන තැන කෝල්ට්ස් ලකුණු පූවරුව කඩුලු 3 ට ලකුණු 74 ක් බවට පත් විය.
මේ අතර ඩක්වර්ත් ලුවිස් යටතේ පොලිස් කණ්ඩායම විසින් නුගේගොඩ ක්‍රීඩා සමාජය පරාජය කරන්නට සමත් විය.පන්දු ඕවර් 13 දී නුගේගොඩ කඩුලු 5 ට ලකුණු 87 ක් රැස් කළ අතර පිළිතුරු ඉණිම ක්‍රිඩා කළ පොලිස් කණ්ඩායම කඩුලු 2 ට ලකුණු 90 ක් රැස් කළේ පන්දු ඕවර් 9.3 දී ය.


බ්ලූම්ෆීල්ඩ් සහ චිලව් මේරියන්ස් අතර තරගයෙන් බිලූම්ෆීල්ඩ් කණ්ඩායම කඩුලු 7 න් ජය ගත්තේය.පන්දු ඕවර් 8 ක් දක්වා ඕවර් ප්‍රමාණය සිමා වූ මෙම තරගයේදී චිලව් කණ්ඩායම කඩුලු 4 ට ලකුණු 66 ක් ලැබීය.බ්ලූම්ෆීල්ඩ් පන්දු ඕවර් 6.1 දී කඩුලු 4 ලකුණු 72 ක් ලබා ගන්නට සමත් විය.
මුවර්ස් සහ සීසීසී කරගයෙන් මුවර්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහර දී ජය ගැනීම සුවිශේෂය.මුවර්ස් පන්දු ඕවර් 11 ට සීමා වූ තරගයේ පන්දු ඕවර් 11 ට ලකුණු 111 ක් ලැබීය.ඒ කඩුලු 5 ක් දැවී යාමෙන් අනතුරුවය.පිළිතුරු ඉණිමේ දී සීසීසී කණ්ඩායම පන්දු ඕවර් 11 නිමා වන විට කඩුලු 8 ක් දැවී ලකුණු 100 ක් පමණක් ලබා ගන්නට සමත් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉටුනොවූ යුක්තියේ පසුවිපරම – නිමලරාජන් ඝාතනයේ නඩු වාර්තාව එළිදක්වයි! (PHOTOS)

කොළඹ LNW: ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී නිමලරාජන් මෛල්වාගනම්ගේ නඩු විභාගයේ...

Celebrity Buzz: තරු පිරුණු රැයක උන්මාදය සමඟින් MTV VMA!

සටහන – පුලී සැප්තැම්බර් 08, කොළඹ (LNW): මෙම වසරේ පැවැති විශාලතම...

ආන්දෝලනාත්මක මිද්දෙණිය ඉඩමෙන් අදත් මතු වූ පොලිස් උපකරණ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08 ,කොළඹ LNW : මිද්දෙණිය පොලිස් ස්ථානයේ...

අගවිනිසුරුවරයා ගමන් ගත් රථ වාහන පෙළ වීඩියෝ කරලා: සැකකරු ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08 ,කොළඹ LNW : අගවිනිසුරුවරයා ගමන් ගත්...