කාලිංග,නදීශා සහ ලෙසඳු පෙරට – අරුණ සහ නිශේන්ද්‍රා ඉවතට

Date:

නිශ්මං රණසිංහ මැයි 27, කොළඹ LNW:

අද ඇරඹුණ ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේ මූලික තරගවලදී දස්කම් දැක් වූ කාලිංග කුමාරගේ සහ නදීශා රාමනායක පිළිවෙලින් මීටර් 400 පිරිමි සහ කාන්තා ඉසව්වල අවසාන පූර්ව තරගවලට පිවිසෙන්නට සමත් වුණා.වැදගත්ම සහ අනාගතයට පලදායි ජය තහවුරු කළේ ලෙසඳු අර්ථවිඳු.ඔහු සිය පළමු ආසියානු මලල ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් සුදුසුකම් ලැබීමේ උස වන මීටර් 2.10 ක දක්ෂතාවය දක්වා අවසාන තරගයට තරග වඳින් 12 දෙනා අතර සිය නම රඳවා ගන්නට සමත් වුණා.
අරුණ මීට පෙර සිඳු වූ අබාධයේ බලපෑමක් හේතුවෙන් ද නොදන්නා නමුත් මීටර් 400 තරගය නිමා කරන්නට තත්පර 48.10 ක කාලයක් ගත කරනු ලැබුවා.කාලිංග තරගකාරී ධාවනයක යෙදෙමින් තමන් සහභාගි වූ මීටර් 400 මූලික තරගයේදී දෙවන තැනට පත් වෙමින් අවසාන පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ තත්පර 46.59 ක දක්ෂතාවයක් දක්නමින්.


කාන්තා මීටර් 400 තරගයේ දී නිශෙන්ද්‍ර හර්ශනී ප්‍රනාන්දු සිය මූලික තරගයේදී සිව්වන තැනට පත් වුණේ තත්පර 53.81 ක කාලයක් ගත් කරමින්.ඇයට අවසාන පූර්ව වටයට වාසනාව නොලැබුණත් නදීහා රාමනායක අවසාන පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.ඇය සිය මූලික තරගයේ දි තෙවැනි තැනට පත් වුණේ තත්පර 53.77 ක කාලයක් වාර්තා කරමින්.
ඡායාරූපයේ දැක්වෙන්නේ ලෙසඳු අර්ථවිඳුගේ පිම්මක්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙවර Toronto චිත්‍රපට උළෙලේදී ජනතාවගේ තේරීමේ සම්මානය දිනා ගත් “Hamnet”!

සටහන – පුලී සැප්තැම්බර් 16, කොළඹ (LNW):  ක්ලෝයි ෂාඕගේ Hamnet...

ස්විට්සර්ලන්තය සමඟ සම්බන්ධතා තරකරගන්න ශ්‍රී ලංකා රජයට අවස්ථාවක්!

කොළඹ LNW: අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී...

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය දෙන්න අවස්ථාව!

කොළඹ LNW: විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි...

එක්සත් ජනපදයේ ධනවත්ම සංක්‍රමණික බිලියනපතියන් 5 දෙනා කවුද?

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රටවල් 41කින්...