ඇමරිකානු විශ්ව විද්‍යාලවලට චීන සිසුන්ට ඇතුළුවීම තහනම්; විසා අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණි
මැයි 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු විශ්ව විද්‍යාලවලට ප්‍රවේශ වීමට අපේක්ෂාවෙන් සිටි හා අධ්‍යන කටයුතු කරමින් සිටී චීන ජාතික සිසුන්ගේ වීසා වලංගු කරන බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ නිවේදනය කර තිබේ.

චීන සිසුන්ගේ වීසා අවලංගු කිරීමේ එක්සත් ජනපද පියවරට බීජිනය තවමත් ප්‍රතිචාර දක්වා නොමැති අතර කෙසේ නමුත්, චීනයේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක මාඕ නින්ග් බදාදා පැවසුවේ බීජිනය වොෂින්ටනයෙන් ඉල්ලා තිබුණේ, චීන සිසුන් ඇතුළු ජාත්‍යන්තර සිසුන්ගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කරන ලෙසයි.

2023-24 අධ්‍යයන වර්ෂය තුළ පමණක් චීන සිසුන් 277,398 ක් ඇමරිකානු විශ්ව විද්‍යාල තුළ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් යොමුවී ඇති අතර මෙය ඇමරිකානු විශ්ව විද්‍යාල වලට මහත් පාඩුවක් වනු ඇත.

කෙසේ නමුත්, මේ සම්බන්ධයෙන් එක්සත් ජනපද විද්වතුන් සඳහන් කරන්නේ මෙය ආචාර්යවරුන් හා සිසුන්ට මහත් පීඩනයක් වන බවත්, මෙමඟින් එක්සත් ජනපද විශ්ව විද්‍යාලවලට වන හානිය සුළුපටු නොවන බවත්, එය නැවත හැරවිය නොහැකි වන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපද මධ්‍යකාලීන මැතිවරණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...

නාමල්ට එරෙහිව අධිචෝදනා!

කොළඹ LNW:එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ජනපතිගේ උණුසුම් සුබපැතුමට ලූලාගේ ස්තූතිය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : බ්‍රසීල ජනාධිපති ලුයිස්...