කුවේට් සිට පිටුවහල් කළ පිරිසක් දිවයිනට!

රෂිකා හෙන්නායක මැයි 29, කොළඹ LNW :

නීතිවිරෝධී ලෙස වීසා නොමැතිව , කුවේට් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 30 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් එරටින් පිටුවහල් කර අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබෙන බව වාර්තා වේ.

කුවේට් රාජ්‍යයේ රැදී සිටිමින් වීසා නොමැතිව විවිධ රැකියා වල නිරත වී සිටි මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස , එරට ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගැනීමෙන්  පසුව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ද මැදිහත් වීම මත මෙසේ ආපසු එවා තිබූණි .

මෙම පිරිස අද අලුයම 04.30 ට එයාර් ඇරේබියා ගුවන් සේවයේ ජී. 9 – 587 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබු අතර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරී විසින් , ඔවුන්ට සිය ගම් – බිම් බලා යාමට අවශ්‍ය මුදල් ලබා දී පිටත් කර හැරීමට පියවර ගෙන තිබුණු බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපද මධ්‍යකාලීන මැතිවරණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...

නාමල්ට එරෙහිව අධිචෝදනා!

කොළඹ LNW:එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ජනපතිගේ උණුසුම් සුබපැතුමට ලූලාගේ ස්තූතිය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : බ්‍රසීල ජනාධිපති ලුයිස්...