ජාතික ජල ක්‍රීඩා මධ්‍යස්ථානයක් ගැන අදහසක්

Date:

නිශ්මං රණසිංහ මැයි 29, කොළඹ LNW:

ලංකාවේ වටේටම මුහුදය.එසේම ජලය පිරි ගංගා ඇල දොළ කොතෙකුත්ය.ඒ ස්වභාවයෙන් ලැබෙන සම්පත් ජල ආශ්‍රිත ක්‍රීඩාවන්ට යොදා ගැනීම සිඳුවන්නේ අඩුවෙන්ය.ජල ක්‍රීඩාවන් ඒ සම්පත් ආශ්‍රිතව සිඳු කරන්නේ කෙසේද කියා අලුත් සිතීමක් රටට අවශ්‍යය වන්නේය.ලංකාවේ මුහුදු තීරය ආශ්‍රීතව මුහුදු පිහිණුම් තරගවලදී අපේ හපන්කම් ඉස්සර වගේ වාර්තා වන්නේ නැත.ලෝකයේ එවැනි තරගවලට ජාත්‍යන්තර ඉඩ ගැනත් වාර්තා වන්නේ අඩුවෙන්ය.ක්‍රීඩා අමාත්‍යංශය එය තේරුම් ගෙන සොයා බැලිය යුතුය.


ආරුගම්බේ තැන ලෝක ප්‍රකටය.ලෝක ප්‍රකට සර්ෆින් ක්‍රීඩකයො එහි එන්නට කැමත්තක් දක්වති.එහෙත් එය පාදක කරගෙන ලෝකයට අභියෝග කළ හැකි සර්ෆින් ක්‍රීඩකයෝ තැනෙන්නේ අඩුවෙන්ය.සාකච්ඡා කළ යුතු කරුණු කොතෙකුත්ය.එය එසේ තිබියදී පහළට බැසීම වෙනුවට හෝ ඉහළ තලය ගැන නැතිනම් ජාත්‍යන්තර වශයෙන් පවතින හැඩතල අනුව ජාතික ජල ක්‍රීඩා මධ්‍යස්ථානයක් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානය යොමු වී තිබෙන බව ක්‍රීඩා අමාත්‍යංශය වාර්තා කරන්නේය.


කැනෝයිං සහ කායාකිං (Canoeing and Kayaking ) , ඔරු පැදීම (rowing ) , යාත්‍රා කිරීම ( Sailing ), සර්ෆින් කිරීම ( Surfing ) යන සම්මේලන 04 හි සාමාජිකයින් හා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අතර හමුවක් අද (27) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවැත්විණි.එය අමාත්‍යවරයා එම සංගම්වලින් කරන ලද ඉල්ලීමකට අනුව හෝ එම සංගම් අමාත්‍යවරයා සමඟ කළ ඉල්ලීමකට අනුව හෝ පැවත්විණි.වඩා ක්‍රීඩාවට යහපත්නම් අමාත්‍යවරයා එම සංගම්වලින් ඉල්ලීමක් කර හමුවීමය.ඇමතිවරු යනු එසේ නොකළ යුතු,එම සංගම්වලට නොයා යුතු තමන්ගේ දෙපය මුලට සංගම් ආ යුතු බව සිතීම ඇමතිවරයාගේ විලාසිතාව බව ඔහු මාධ්‍යවේදීන්ම කැඳවා පැහැදිළි කර ඇති නිසා ඉහත හමුව සිඳු වූ ආකාරය ගැන ප්‍රවෘත්තියේ හැඩයෙන් සිතා ගන්නට අපහසුය.


කෙසේ නමුත් ජල ක්‍රීඩා මධ්‍යස්ථානයක් යනු වැදගත් සංකල්පයක්ය.ප්‍රාදේශිය වශයෙන් ජල ක්‍රීඩාවන් ව්‍යාපත් කරන්නට වන්නේ පාරිසරික අනන්‍යතාවයන් සළකා ය.ඒ නිසා ප්‍රාදේශිය වශයෙන් ක්‍රීඩාව මෙන්ම බලය ද එම සංගම්වල විසිරෙන පැතිරෙන ස්වභාවයකට පත් කර රටක් හැටියට ජල ක්‍රීඩාවන් කෙරෙහි පුරවැසි උනන්දුව වැඩි කරන්නේ කෙසේද යන්න ද කල්පනා කළ යුතුය.මෙවැනි කාරණාවන් ගැන බොහෝ දුර සිට අදහස් විමසා දක්වා ඇති ජනමාධ්‍ය සහ මාධ්‍යවේදීන් ද හිඟ නැත.ඒවා සැළකිල්ලට ගැනීමට ක්‍රීඩාව කෙරෙහි සබැඳි වූ ඉතිහාසයක් නැති තැන කරන බොහෝ දේ පළමුව යන හැඟීමෙන් උද්දාමයට පත්වීම දැකිය හැකිය.
එහෙත් හොඳ සාකච්ඡාවක්ය.හොඳ අදහසක්ය.එකම නිවසක් යට සියල්ල ලෙස නොසිතා ජල ක්‍රීඩාවේ ප්‍රාදේශීය විසිරීම් සැළකිල්ලට ගෙන එම අනන්‍යතාවයන්ට අනුව ක්‍රියාත්මක කළ හැකි ජල ක්‍රීඩාවන් ගැන ද අදහසක් ඇති කර ගත හැකිනම් ජාතික වටිනාකමක් ජල ක්‍රීඩාවලට ලබා ගන්නට හැකියාව ඇත.


කෙසේ නමුත් ඉදිරියේ දී මෙරට තුළ ජාතික ජල ක්‍රීඩා මධ්‍යස්ථානයක් ඉදි කිරීම පිළිබඳ මූලික පියවරක් වශයෙන් මෙම සාකච්ඡාව සිදු කිරීමට, ක්‍රීඩා සංවර්ධන අධ්‍යක්ෂ ජෙනරාල් ශෙමාල් ප්‍රනාන්දු සහ ඉහත සම්මේලන 04 හි, සභාපතිවරුන් සහ ලේකම් වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් ක්‍රීඩා අමාත්‍යවරයා සමඟ එක්වීම පැසසුමට ලක් විය යුතුය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් ජනාධිපතිවෙන්න හදන්නේ අයිස්ලන්තේද?

කොළඹ LNW: 2029 නාමල් රාජපක්ෂ ජනාධිපතිවීමට සූදානම් වන්නේ අයිස්ලන්තේද?...

Tasty Tuesdays: අපේ තාලෙට හැදුණු වන්-පොට් බිරියානි! One-Pot Biryani – A Comforting Feast in a Single Pot

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

අම්බලන්ගොඩ වෙඩිතැබීමක්. එක් පුද්ගලයෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ, හීනටිය මාර්ගයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයකු...

CAASL හි නව අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කපිතාන් දමින්ද පත්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 09 ,කොළඹ LNW : සිවිල් ගුවන් සේවා...