කැනඩාව හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
මැයි 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): කැනඩාවේ බටහිර මැනිටෝබා පළාතට බලපෑ ලැවුගිනි තත්වයක් හේතුවෙන් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කර ඇති බව වර්තා වේ.

මැනිටෝබා රජය විසින් පුද්ගලයන් 17,000ක් ආරක්‍ෂිත ස්ථාන වෙත ඉවත්කර යවා ඇති අතර ඉවත් කිරීම් සහ ගිනි නිවීම් සඳහා සහාය වීම සඳහා කැනේඩියානු හමුදාව යවන ලෙස අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නිගෙන් ඉල්ලා තිබේ.

මේ වන විට කැනඩාව පුරා ලැවුගිනි 134ක් සක්‍රියවී ඇති අතර මේවා පාලනයෙන් තොර බව සැලකේ.

පසුගිය මාසය තුළ වනාන්තර හෙක්ටයාර 200,000 කට ආසන්න ප්‍රමාණයක් දැවී ගොස් ඇති අතර, එය පසුගිය වසර පහ තුළ වාර්ෂික සාමාන්‍යය මෙන් තුන් ගුණයකින් වර්ධනය වීමකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

GMOA අද සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි කරයි. වෘත්තීය ක්‍රියාමාර්ගවලට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහයක් නැහැ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය...

ශ්‍රී ලංකාවෙන් මතු වූයේ පරාජයට හේතු නොව එංගලන්තයේ ජයග්‍රහණයට හේතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ එංගලන්තය...

‘මහින්ද දෘෂ්ටිවාදය’, ‘ජවිපෙ ආණ්ඩුවේ’ සුහුඹුල් හරිය සහ ‘රාජ්‍යය’

මා ‘මහින්ද දෘෂ්ටිවාදය‘ යන්නෙන් අදහස් කරන්නේ ජාතිවාදය, ගෝත්‍රිකත්වය සහ...

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...