වසා දැමුණු තුල්හිරිය සහ පූගොඩ කම්හල්වල රැකියා අහිමිවූවන්ට වසර 47කට පසු වන්දි

Date:

1978 වසරේදී දේශපාලන හේතු මත වසා දැමුණු ජාතික පේෂකර්ම සංස්ථාවට අයත්ව තිබූ තුල්හිරිය සහ පූගොඩ පේෂකර්මාන්ත ශාලාවල සේවය අහිමි වූ සේවකයින්ට වන්දි ලබා දීම ඊයේ (30) සිදු කෙරිණි.

ඒ කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.

රැකියා අහිමි වූ සේවකයින් 1,717 දෙනෙකු මෙහිදී ප්‍රතිලාභ හිමිවන අතර ඒ සඳහා රජය වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 87කි. ඒ අනුව සාමාන්‍ය අගයක් වශයෙන් සැලකූ විට වසර 47කට පසුව එක් සේවකයකුට ලැබෙන වන්දිය ආසන්න වශයෙන් රුපියල් 50,669 කි.

මෙහිදී ප්‍රතිලාභීන්ගෙන් යම් පිරිසක් මේ වන විට මියගොස් ඇති බැවින් ඒ අනුව ඔවුන්ගේ කලත්‍රයින්ට අදාළ වන්දි මුදල් හිමිවනු ඇත.

වන්දි ප්‍රදානය වෙනුවෙන් ඊයේ පැවැති සංකේතාත්මක උත්සවයට ප්‍රතිලාභීන් තිස් දෙනෙකු සහභාගී කෙරුණු අතර සෙසු ප්‍රතිලාභ හිමි සේවකයින්ට දිස්ත්‍රික්ක කම්කරු කාර්යාලය හරහා සිය වන්දි මුදල ලබා ගත හැකි බවයි කම්කරු අමාත්‍යංශය සඳහන් කරන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...

රට භීතියට පත් කරන කාටෙල් සාමාජිකයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ඉල්ලමින් ජනතාව මෙක්සිකානු රජයට එරෙහිව විදී බසියි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජනාධිපති ක්ලෝඩියා...

එක්සත් රාජධානිය සරණාගතයින් වෙනුවෙන් ගත් දැඩි තීරණය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානිය විසින්...