ට්‍රම්ප්ගේ ඊළඟ තීරුබදු වෙඩිල්ල!

Date:

රෂිකා හෙන්නායක මැයි 31, කොළඹ LNW :

වානේ සහ ඇලුමිනියම් ආනයන බදු සියයට 50කින් ඉහළ දමන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටී. අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ වානේ සහ ඇලුමිනියම් ආනයනය සඳහා වන සියයට 25ක වත්මන් තීරුබද්ද සියයට 50ක් දක්වා දෙගුණ කරන බවයි. 

පෙන්සිල්වේනියාවේ පිට්ස්බර්ග් හි පැවති රැළියකදී ඔහු මේ බව පවසා ඇත. දේශීය වානේ කර්මාන්තය සහ ජාතික සැපයුම ඉහළ නැංවීමට මෙන්ම චීනය මත යැපීම අඩු කිරීමට මෙම තීරණය හේතු වනු ඇති බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත. 

අමෙරිකාව සහ ජපානය අතර හවුල්කාරිත්වයක් හරහා අමෙරිකාව තුළ වානේ නිෂ්පාදනය කිරීම වෙනුවෙන් ඩොලර් බිලියන 14ක් ආයෝජනය කරන බවද ඔහු පවසා තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි. 

ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් ගිවිසුමකට එළඹීම සඳහා ජපානය සමග අවසන් එකඟතාවකට පැමිණ නොමැති බවයි. 

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉකුත් ජනවාරි මාසයේදී නැවත බලයට පැමිණීමෙන් පසු ක්‍රියාත්මක කළ නව බදු ප්‍රතිපත්තිය ලෝක ආර්ථිකයටද දැඩි බලපෑමක් එල්ල කර තිබෙන බව වාර්තා වන අතර, ඔහුගේ බදු පැනවිමේ ක්‍රියාවලියේ නවතම තීරණය වන්නේ වානේ සහ ඇලුමිනියම් සඳහා පැනවූ මෙම නවතම බදු ප්‍රතිශතයයි.  

 
 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ගැන නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ඉන්ධන මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදු...

Trendy Thursday: “The Devil Wears Prada 2” හි විලාසිතා ගොන්නක්!

සෑම බ්‍රහස්පතින්දා දිනකම “Trendy Thursday” තුළින් ඔබට Fashion trends,...

අසත්‍ය කරුණු නිවැරදි කිරීමට මෙම උත්සාහය දරමු.

ආචාර්ය ප්‍රණීත් අබේසුන්දරශාස්ත්‍රපති මහින්ද ද ලැනරෝල් ආනන්ද මහා විද්‍යාලයයට සම්බන්ධ...

තදින් පහර දෙන හැටි බලන්න ඈෂ්ලිත් පැමිණෙයි.

සටහන – නිශ්මං රණසිංහ  ජූලි 31, කොළඹ LNW: ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාවේ...