දිවයින පුරා වැටලීම් වලින් 467ක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක මැයි 31, කොළඹ LNW :

මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාළව ඊයේ දිනය වන විට සැකකරුවන් 467 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.ඒ දිවයින පුරා සිදුකළ වැටලීම් 467කට අදාළවයි.

මෙම වැටලීම්වලදී හෙරොයින්, අයිස් මත්ද්‍රව්‍ය, ගංජා, ගංජා පැළ සහ මත්පෙති සොයා ගත් බවයි පොලීසිය පැවසුවේය.

ඒ අනුව හෙරොයින් ග්‍රෑම් 195ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 257ක්, ගංජා කිලෝ ග්‍රෑම් දෙකක්, ගංජා පැළ 17,388ක් සහ මත්පෙති 295ක් සිය භාරයට ගැනීමට පොලීසිය කටයුතු කර ඇත.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ, සැකකරුවන් වැඩිම ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් බවයි.