ආසියාවේ පැතිර යන කොඩිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාවෙනුත් හමුවෙයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මේ දිනවල ආසියානු කලාපයේ රටවල පැතිරයමින් පවතින කොවිඩ් 19 වෛරස් ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන් ද හඳුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

ඒ අනුව, ඔමික්‍රෝන් වෛරසයේ අනු ප්‍රභේදයන් වන LF.7 සහ XFG යන අනු ප්‍රභේද ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවයි වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල පරීක්ෂා කිරීමේදී මේ බව තහවුරු වී ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හඳුනාගෙන ඇති ගර්භණීය මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත්තේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි 10, LNW (කොළඹ):...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...