සටන් විරාම යෝජනාවකට හමාස් වෙතින් ප්‍රතිචාර!

Date:

රෂිකා හෙන්නායක ජුනි 01, කොළඹ LNW :

හමාස් සංවිධානය විසින්, අමෙරිකාව ඉදිරිපත් කරන ලද සටන් විරාම යෝජනාවකට ප්‍රතිචාර වශයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙන බව වාර්තා වේ.

ගිවිසුම යටතේ ඊශ්‍රායලයේ ජීවමාන පලස්තීන ප්‍රාණ ඇපකරුවන් දස දෙනෙකු සහ මළ සිරුරු 18ක් නිදහස් කරන බව , හමාස් සංවිධානය කියා සිටී.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැද පෙරදිග නියෝජිත ස්ටීව් විට්කොෆ් සඳහන් කර සිටියේ, යෝජනාවේ කිසිදු වෙනසක් අපේක්ෂා කරන බව එම ප්‍රකාශයේ සඳහන් නොවූ නමුත් හමාස් සංවිධානයේ ඇතැම් සංශෝධන යෝජනා සඳහා ඊශ්‍රායල  ප්‍රතිචාරය ධනාත්මක බවයි.

තවද, අමෙරිකානු සටන් විරාම යෝජනාව ඊශ්‍රායලය පිළිගන්නා බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කර තිබෙන අතර,  ඒ අනුව ඊශ්‍රායලය අවධාරණය කර ඇත්තේ හමාස් සංවිධානය සම්පූර්ණයෙන්ම නිරායුධ කළ යුතු බවත්, හමුදා සහ පාලන හමුදාවක් ලෙස විසුරුවා හැරිය යුතු බවත්ය. 

ඊශ්‍රායලය අවධාරණය කර සිටින්නේ, යුද්ධය අවසන් කිරීමට එකඟවීමට පෙර ගාසා තීරයේ තවමත් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් 58 දෙනාම ආපසු ලබා දිය යුතු බවයි. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, තවද හමාස් සංවිධානය තම අවි අත්හරින ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඊශ්‍රායලය ගාසා තීරයෙන් තම හමුදා ඉවත් කර යුද්ධය අවසන් කිරීමට කැපවිය යුතු බවද ඊශ්‍රායල වැඩිදුරටත් දන්වා ඇති බවයි.


 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...

ශ්‍රී ලංකාව සහ UAE, ක්‍රීඩාව ගැන අවබෝධතා ගිවිසුමකට එකඟ වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: ඩුබායි හි පැවැති 2026...

ඉරානයේ තවත් උත්සාහයක් ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ඉහළම ආරක්ෂක...