කොළඹ ඇතුළු සභා 178ක නගරාධිපති – සභාපති පත්කිරීම 17 වෙනිදායින් පසු ?

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2025 පළාත් පාලන මැතිවරණයේදී තනි පක්ෂයක් විසින් බහුතර බලය හිමිකරගත් පළාත් පාලන ආයතන 161ක් සඳහා ප්‍රධානීන් පත්කිරීම මේ වනවිටත් සිදුකර තිබේ.

ඊට අදාළ ගැසට් නිවේදනය මැයි 31 වනදා රාත්‍රියේ නිකුත් කර තිබුණු අතර අද (ජුනි 02) සිට ඉදිරි දින කිහිපය තුළ එම සභා රැස්වී වැඩ ආරම්භ කිරීමට නියමිත ය.

එමෙන්ම කිසිදු පක්ෂයකට බහුතර බලයක් හිමි නොවූ පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් පත්කිරීමේ බලය පළාත් කොමසාරිස්වරුන් වෙත පැවරෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

එවන් පළාත් පාලන ආයතන සංඛ්‍යාව 178 කි.

ඒ අනුව, එම පළාත් පාලන ආයතන සඳහා නගරාධිපතිවරුන්, උප නගරාධිපතිවරුන්, සභාපතිවරුන් හා උප සභාපතිවරුන් පත් කරන ආකාරය පිළිබඳව පුවත්පත් දැන්වීම් පළකර දැනුම් දීම පළමුව සිදුකළ යුතු වේ.

එසේ දැන්වීම් පළකිරීමෙන් දින 14කට පසුව අදාළ ආයතනවල සභිකයින් රැස්වී ඒවායේ ප්‍රධානීන් පත් කරගැනීම සිදුකළ යුතුව ඇත.

ඒ අනුව එම පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් පත් කිරීම ජුනි මස 17 වන දිනෙන් පසු සිදුකෙරෙනු ඇති.

පළාත් කොමසාරිස්වරයා විසින් එම පත්කිරීම් සිදුකරන දිනයන් පිළිබඳව පෙර දැනුම් දීමක් සිදුකරන අතර එක් පළාතක් තුළ එක් දිනකදී සිදුකළ හැක්කේ එක් පළාත් පාලන ආයතනයක පත් කිරීමක් පමණක් බවයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව ලංකාවට පැවරූ අඩු ලකුණු වාර්තාව එංගලන්තය අප්‍රිකාවට පවරයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 08, කොළඹ LNW: යමක් සිඳු වූ විට...

නෝර්වේහි පාර්ලිමේන්තු මැතිවරණය අද!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (08) දින...

බෙල්ලේ ඩක්වර්ත් ලුවිස් සමඟ එක්ව ලංකාව අල්ලේ නැට වූ තරගයක්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 08, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ කොදෙව්...