ජාතික මට්ටමේ ක්‍රීඩා වගකීමකට පළමුවරට රුවන් සහ ජයමිණි

Date:

නිශ්මං රණසිංහ ජුනි 02, කොළඹ LNW:

ජාතික තේරීම් කමිටුව පත් කිරීම, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය (මැයි 30) දා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී සිදු කෙරිණි. එහිදී ක්‍රීඩාවේ අති විශිෂ්ඨ දස්කම් දැක් වූ මලල ක්‍රීඩකයින් දෙදෙනෙක් වන රුවන් ප්‍රදීප් පෙරේරාට ට ජයමිණි ඉලේපෙරුමට ද වගකීම් පවරා ඇති බව දකින්නට ලැබේ.


රුවන් දශක දෙකක පමණ කාලයක් ශ්‍රී ලංකාවේ රිටි පැනීමේ ජාතික වාර්තාලාභියා සහ ජාතික සූරයා ලෙස සිටි අයෙකි.ජයමිණි මීටර් 100 සිට 800 දක්වා ජාතික මට්ටමෙන් ජයග්‍රහණය ලබා ඇති ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් ගෙනා ක්‍රීඩිකාවක්ය.

මෙහිදී ජාතික තේරීම් කමිටුව වශයෙන් පත් වූවන් පහත දැක්වේ.

  1. ශ්‍රියානි කුලවංශ –
    (සභාපති – ජාතික ක්‍රිඩා තෙරීම් කමිටුව)
  2. මේජර් ජෙනරාල් රවී පතිරවිතාණ – (ලේකම් – ජාතික ක්‍රිඩා තේරීම් කමිටුව )
  3. මේජර් රාජිත සමරසේකර – (සම්බන්ධීකරණ නිලධාරී – ජාතික ක්‍රිඩා තේරීම් කමිටුව)
  4. කමල් ගම්ලත් – විශ්‍රාමික (ක්‍රීඩා භාර නිලධාරී – ක්‍රීඩා අමාත්‍යංශය )
  5. රුවන් පෙරේරා – (පාසල් ක්‍රීඩා නියෝජ්‍ය අධ්‍යක්ෂ – සසෙක්ස් විදුහල)
  6. ජයමිනි ඉලෙපෙරුම – (විශ්‍රාමික බැංකු නිළධාරීනී – හැටන් නැෂනල් බැංකුව )
  7. සුරේෂ් සුබ්‍රමනියම් – (සභාපති – ජාතික ඔලිම්පික් කමිටුව)
  8. අනුරාධා ඉලෙපෙරුම – (අතිරේක ලේකම් – තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොව සුපතල Ken Dollගේ වසර 65 කට පසු හෙළිවූ අපූරු රහස…

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව සුපතල කෙන්...

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්ගේ සිද්ධියෙන් කථානායකත් වරද්දාගෙනද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ‘‘ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පාලනය වන නීති...

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම මූල්‍ය ප්‍රතිපත්ති තීරණය! 

රෂිකා හෙන්නායක ජනවාරි 28, කොළඹ LNW : 2026 ජනවාරි මස...

සුපිරි අට 30 සහ 31 තුරඟ තරග පිටියට

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් ජාතික පාපන්දු...