දූෂණ වරදකට තලවාකැලේ – ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අත්අඩංගුවට!

0
435

රෂිකා හෙන්නායක ජුනි 02, කොළඹ LNW :

තලවාකැලේ – ලිඳුල නගර සභාවේ හිටපු සභාපති දූෂණ වරදට අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

ඒ තලවාකැලේ- ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අසෝක සේපාල යන අය එම නගර සභාවට අයත් අංක 12 ගවමස්කඩ කාමරය බදු දීමට අදාළව ලංසු පිරිනැමීමේ දී වැඩිම ඉල්ලුම්කරුට ලංසුව ලබා නොදී අවම ලංසුවක් වෙත අදාළ ලංසුව පිරිනැමීමෙන් රු.2,380,000/ ක පාඩුවක් රජයට සිදුකිරීම හේතුවෙන් බව පැවසේ.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.