*
Friday, June 6, 2025
spot_img

Latest Posts

මහනුවර ප්‍රශ්න ගැන අපිට අවබෝධයක් තිබෙනවා. නිසි විසඳුම් අපි දෙනවා – නව පුරපති දිවුරුම් දෙමින් කියයි

කොළඹ LNW:මහනුවර මහ නගර සභාවේ 16 වන පුරපති ලෙස ජාතික ජන බලවේගයේ චන්ද්‍රසිරි විජේනායක මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතා හමුවේ අද (02) දිවුරුම් දුන්නේය.

ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා මහනුවර මහ නගර සභාවේ අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වූ ඒ මහතා කලක් එම මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කළේය.

දිවුරුම් දීමෙන් අනතුරුව අදහස් දැක්වූ ඒ මහතා, මහනුවර නාගරික ජනතාවගේ දැවෙන ප්‍රශ්න සම්බන්ධව තමන් ඇතුළු කණ්ඩායමට නිසි අවබෝධයක් තිබෙන බවත් ඒවාට විසඳුම් ලබාදීම මූලික අරමුණ බවත් පැවසුවේය.

විපක්ෂයේ සිටිය දී ජනතාව ඉදිරිපත් කළ ගැටලු වලට හැකි තරම් විසඳුම් ලබා දීමට කටයුතු කළ බව කී පුරපතිවරයා, මහනුවර නගර සභාවේ බලය ජාතික ජනබලවේගයට හිමිවීමත් සමඟ වඩාත් සැළසුම් සහගතව කටයුතු සිදු කිරීමට හැකිව තිබෙන බවත් හෙතෙම කීවේය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතා අදහස් දක්වමින් පළාත් පාලන ආයතන රජයේ අරමුදලින් තොරව පවත්වා ගැනීමේ රජයේ ප්‍රතිපත්තිමය තීරණය අනුව වර්ෂ 2028 වන විට මහනුවර මහ නගර සභාව සිය අරමුදල් සම්පාදනය කර ගත යුතුව ඇතැයි පෙන්වා දුන්නේය. ඒ අනුව ආදයම් උපයා ගැනීම මෙන්ම පොදු සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම යන අරමුණු සමබරව පවත්වා ගැනීම වෙනුවෙන් ක්‍රියාකිරීමේ මූලික අභීප්‍රාය නව පුරපතිවරයා වෙත පැවරෙන බව ද ආණ්ඩුකාරවරයා පැවසුවේය.

මෙම අවස්ථාවෙදීම මහනුවර නියෝජ්‍ය පුරපති වශයෙන් රුවන් කුමාර මහතා දිව්රුම්දිම ද ආණ්ඩුකාරවරයා හමුවේ සිදුවිය.

පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ, පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු, මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan