කොළඹ විපක්ෂයට නම් නගරාධිපති සමඟියෙන් තමයි. ඒකේ දෙකක් නෑ – මරික්කාර්

Date:

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ බලය විපක්ෂයට හිමි වන්නේ නම් නගරාධිපති ධූරය සමඟි ජන බලවේගයටත් නියෝජ්‍ය නගරාධිපති ධූරය එක්සත් ජාතික පක්ෂයටත් ලැබීමේ වරදක් නැති අතර එය එසේ සිදුවිය යුතු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (02) සමඟි ජන බලවේගය විසින් කොළඹදී පැවති මාධ්‍ය හමුවේදීය.

පක්ෂයක් ලෙසම එම ස්ථාවරයේ සිටි බවද මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.

මරික්කාර් මහතා මේ බව පැවසුවේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිධූරය සහ නියෝජ්‍ය නගරාධිපති ධූරය සම්බන්ධයෙන් අද පුවත්පතක පළකර තිබුණු පුවතක් පිලිබඳව මාධ්‍යවේදියෙක් කළ විමසීමට පිළිතුරු ලෙසය.

කොළඹ මහ නගර සභාව තුළ ආණ්ඩු පක්ෂයට බහුතර බලයක් නොමැති අතර විපක්ෂයේ පාර්ශව එකතු වූ විට එම බලය විපක්ෂයට හිමිවන හෙයින් විපක්ෂය තුළ වැඩිම මන්ත්‍රී ආසන ගණනක් දිනා ගෙන සිටින සජබ වෙත නගරාධිපති තනතුර ලැබිය යුතු බව මරික්කාර් මහතා ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිද්දෙණියේ අයිස් අමුද්‍රව්‍ය හමුවූ ඉඩමේ තිබී අත්බෝම්බ සහ උණ්ඩ හමුවෙලා!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 කොළඹ LNW: මිද්දෙණියේ අයිස් අමුද්‍රව්‍ය හමුවූ...

සියඹලාණ්ඩුව “රිවිදනවි” සූර්ය බලශක්ති උද්‍යානයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

ජාතික පද්ධතියට වාර්ෂිකව ගිගාවොට්පැය 219ක දායකත්වයක් සහිතව , වසර...

වෙනිසියුලාවට එරෙහිව F-35 රහසිගත ප්‍රහාරක ජෙට් යානා යෙදවීමට ට්‍රම්ප් නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව හා...

පන්ජාබය එකම ජලාශයක් බවට පත්වේ; ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන්

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දින ගණනාවක්...