දක්ෂයන්ට අභියෝගයක් වෙමින් ප්‍රවීනා නැඟී සිටියි

Date:

නිශ්මං රණසිංහ ජුනි 03, කොළඹ LNW:

පුත්තලම් දිස්ත්‍රික් බැඩිමින්ටන් තරගාවලියේදී ප්‍රවීනා විජේසුන්දර සූරතා දෙකකට සහ එක් අනු සූරතාවයකට හිමිකම් කීවාය.ඇය කේවල කාන්තා තරගයේදී පංචලී අධිකාරි ඉදිරියේ ලකුණු 21 -18,19 -21 සහ 15 – 21 ලෙස පරාජයට පත් වී අනු සූරතාවය දිනා ගත්තේය.එහෙත් පංචලී මිශ්‍ර යුල අවසාන තරගයට තෙව්මික පල්ලියගුරු සමඟ පැමිණි විට ප්‍රවීනා විසින් අචින්ත්ය ඉමේෂාක් සමඟ එක්ව තෙව්මික සහ පංචලී පරාජයට පත් කරන්නට සමත් විය.එහි ලකුණු තත්ත්වය 21 – 15 සහ 22 -20 ක් විය.
ප්‍රවීනා, අනුරංගි හංසමාලි සමඟ එක්ව කාන්තා යුගල සූරතාවය ද හිමි කර ගත් අතර අවසාන තරගයේදී ඔවුන් ඉදිරියේ ලකුණු 21 – 13 සහ 23 -21 ක් ලෙස පරාජයට පත් වුණේ විනුති රණසිංහ සහ යෙනාරා වික්‍රමසිංහ ය.


පිරිමි කේවල සූරතාවයට තරග වැඳි ආශිංස හේරත් ලකුණු 21 – 13,16 – 21 සහ 14 – 21 ක් ලෙස තිළිණ රාජකරුණාට පරාජය විය.එහෙත් ආශිංස හේරත් යුගල අවසාන තරගයේදී ඇලන ධර්මාසපුත්‍ර සමඟ එක්ව සූරතාවය දිනා ගන්නට සමත් විය.ඒ දිනුරු රශ්මික සහ සියත් සේනාරත්නට එරෙහිවය.එහිදී ලකුණු තත්ත්වය වාර්තා වුණේ ලකුණු 18 – 21,21 – 19 සහ 21 -16 ක් ලෙසය.


මේ අතර කණිසෂ්ඨ වයස් කාණ්ඩ අතර තරග මෙන්ම ප්‍රවීනයන්ගේ තරගද විවිධ වයද් කාණ්ඩ අතරේ කියාවට නැංවුණ අතර එහිදී අවුරුදු 35 න් ඉහළ පිරිමි සූරාතවයටත්,චරිත් විජේනායක සමඟ එක්ව පිරිමි යුගළ සූරතාවයටත් හිමිකම් කියන්නට නිලුක කරුණාරත්න සමත්වීම කැපී පෙණින.මේ වන විට නිලූක පැවත්වෙන දේශිය තරග පිටියේදී ප්‍රවීනයන්ගේ කාණ්ඩයෙන් තරග කරන්නට ඉදිරිපත් වෙමින් සිටින අතර එය වත්මන් පරපුරට වැදගත් වටිනා අවස්ථාවකි.


මෙහිදී සිඳු වූ තවත් වැදගත් සිදුවීමක් වූයේ මීට පෙර කාලයක රොහාන්ද සිල්වා ප්‍රවීනයන්ගේ තරගවලදී සිය සහයකයා ලෙස නිලූකගේ පියා වූ ලුවී කරුණාරත්න සමඟ ජාතික සූරතා අත් කර ගැනීම සිහියට නංවමින් එකතුව අවුරුදු 110 ට වැඩි අංශයේ තරගවලදී රොහාන් ද සිල්වා නිලූක කරුණාරත්න සමඟ පිරිමි යුගල සූරතාවය දිනා ගැනීමය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය සිද්ධරාමයියා හමුවෙයි..

රෂිකා හෙන්නායක ජනාවාරි 28, කොළඹ LNW : අද (28)දින...

නොරොච්චෝල ගල් අඟුරු සැපයුම්කරු සහ ජනපති අනුර අතර දුරකතන සාකච්ඡාවක්…?

නොරොච්චෝල ගල් අඟුරු සැපයුම්කරු සහ ජනපති අනුර කුමාර දිසානායක...

ව්‍යසනයේ අභියෝග දරා ගනිමින් යළි ගොඩනැඟීමට ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළ IMF ඇගයුමට!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය තක්සේරු කිරීම...

ශ්‍රී ලංකාවට විදේශ ආයෝජන ආකර්ෂණයට කළ යුතු දේ BOI සභාපතිවරයා අවධාරණය කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28, කොළඹ LNW : ශ්‍රී ලංකාවට විදේශ...