*
Saturday, June 7, 2025
spot_img

Latest Posts

විශ්වාසවන්තයන්ට නරක දවසක්

නිශ්මං රණසිංහ ජුනි 06, කොළඹ LNW:

ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන ඒ කොටසේ ක්‍රීඩා සමාජ අතර පන්දු ඕවර් 20 තරගාවලියේ ජූනි 5 දා පැවති තරගවලදී නමගිය කණ්ඩායම් පරාජයට පත් කරමින් වෙනත් කණ්ඩායම් ජය ලැබීම කැපී පෙණින.ඒ අතරින් ප්‍රධාන ක්‍රීඩා සමාජ සිව්දින තරගාවලියේ සූරයන් වූ බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම බීආර්සී කණ්ඩායම ඉදිරියේ කඩුලු දෙකකින් ලද පරාජය කැපී පෙණින.


පළසුව පන්දුවට පහර දුන් බ්ලූම්ෆිල්ඩ් ක්‍රීඩකයන්ට පරාජයේ දොරටු විවර කර දෙන්නට ප්‍රධාන වූ බීආර්සී කණ්ඩායමේ මුර්වින් අභිනාෂ් ලකුණු 12 ට කඩුලු 3 ක් දවා ගනිමින් කළ පන්දු යැවීම නිසා බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම ලකුණු 96 ට සියලු දෙනා දැවී ගියේය.ජනිත් ලියනගේ,රොන් චන්ද්‍රගුප්ත වැනි බලාපොරොත්තු නිවී යද්දී ලහිරු මධුශංක තනිව සටනේ යෙදෙමින් ලකුණු 41 ක් රැස් කරන්නට සමත් විය.බීආර්සී යට ඉලක්කය පහසු නොකළ බ්ලූමෆිල්ඩ් පන්දු යවන්නන් එල්ල කළ අභියෝගය ඉදිරියේ කඩුලු 8 ට ලකුණු 99 ක් බවට ලකුණු පූවරුව පත් කිරීමට බීආර්සී කණ්ඩායම පන්දු ඕවර් 19.2 ක් දක්වා වෙහෙස කෙරුවේය.කවීෂ පියුමා් ලකුණු 19 ට කඩුලු 4 ක් දවා ගනිමින් බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම වෙනුවෙන් විශාල දායකත්වයක් දැක් වූ අතර බීආර්සී කණ්ඩායම තරගය ජය ගත්තත් එම පිළේ වැඩිම ලකුණු ලාභි මොනිව් සුභසිංහ‍ෙ රැස් කරන්නට හැකි වූයේ ලකුණු 21 ක් පමණයි.


ද්‍රවිඩ ක්‍රීඩා සමාජයට එරෙහිව නුගේගොඩ ක්‍රිඩා සමාජය ජය ලැබුවේ කඩුලු 7 න්.ද්‍රවිඩි ක්‍රීඩා සමාජය පළමුව පන්දුවට පහර දී ලකුණු 139 ක් රැස් කර ගත් අතර නුගේගොඩ ක්‍රීඩා සමාජයට එම ලකුණු ප්‍රමාණය හඹා යාමට පන්දු ඕවර් 18.2 ක් සහ කඩුලු 3 ක් පමණක් වැය වුණා.පළමුව පන්දුවට පහර දුන් ද්‍රවිඩ ක්‍රීඩා සමාජයට ලකුණු 139 ලබද්දි කඩුලු 9 ක් අහිමි වුණා.වැඩිම ලකුණුලාභියා ලෙස කැපී පෙණුනේ භානුක රාජපක්ෂයි.ඔහු ලකුණු 42 ක් ලැබීය.
ද්‍රවිඩ ක්‍රීඩා සමාජ ජයග්‍රහණයට පිත්තෙන් දායක වුණ ටීඑම් සම්පත් පන්දු යැවිමෙන්ද වටිනාම පන්දු යැවීම සිඳු කරමින් ලකුණු 18 ට කඩුලු 2 ක් දවා ගැනීමට සමත් විය.පන්දු යැවිමෙන්ද ආරම්භය ලබා ගත් සම්පත් පිත්තෙන්ද ආරම්භය ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් යන ගමණ කළමණාකරනය කරන ලද ඉණිමක් දියත් කරමින් ලකුණු 56 ක් රැස් කළේය.කෙවින් පෙරේරා ලකුණු 58 ක් රැස් කරමින් නුගේගොඩ කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා විය.සම්පත් සහ කෙවින් සිව්වන කඩුල්ල වෙනුවෙන් නොබිඳි ලකුණු 99 ක සබඳතාවයක් එක් කරමින් කැපී පෙණින.


පකිස්තාන ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජයග්‍රහණය තීරණය කළ තීරණාත්මක පිතිහරඹයෙන් පසුව දේශීය පිටියේ පළමු නියෝජනයට පොලිස් කණ්ඩායම සමඟ එක් වූ කුසල් ජනිත් වැනි ක්‍රීඩකයන් ද සිටියදී,හලාවත් මේරියන්ස් කණ්ඩායම ඉදිරියේ ලකුණු 40 ක පරාජයක් ලබන්නට පොලිසික් ක්‍රීඩා සමාජයට සිඳු විය.යශෝධ ලංකා මෙරියන්ස් වෙනුවෙන් ලබා ගත් ලකුණු 62 සහ කසුන් විදුර ලබා ගත් ලකුනු 45 ත් නිසා සතියේ හොඳම ලකුණු පූවරුව නිර්මාණය කළ මේරියනස් කණ්ඩායම පන්දු ඕවර් 20 නිමා‍වේ කඩුලු 8 ට ලකුණු 178 ක් ලැබීය.


ඊට පිළිතුරු සපයන්නට උත්සාහ කළ පොලිසියට එරෙහිව විශිෂ්ඨ පන්දු යැවිමක නිරත වූ මේරියනස් කණ්ඩායමේ තිමිර ඉරුෂික සිව පන්දු වාර 4 ලකුණු 7 ට සීමා කරමින් කඩුලු 3 ක් දවා ගත්තේය.ඒ බලපෑම මත පොලිස් කණ්ඩායමට පන්දු ඕවර් 20 තුළ දී ලබා ගැනිමට හැකි වූයේ කඩුලු 9 ක් දැවී ලකුණු 138 ක් පමණි.එයින් ලකුණු 50 ක් ම ලබා දෙමින් චතුරංග ජයතිලක පොලිසිය ජයග්‍රහණය කරා රැඟෙන යන්නට ගත් උත්සාහය ව්‍යර්ථ විය.


ඊට අමතරව කුරුණෑගල තරුණ කණ්ඩායමට එරෙහිව ඒස් කැපිටල් කණ්ඩායමත්,පානදුර කණ්ඩායම බදුරලිය කණ්ඩායමට එරෙහිවත් ජයග්‍රහණ වාර්තා කරන්නට සමත් විය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan