යුක්රේන යුද්ධය තව කලක් පැවතීම හොඳ බව ට්‍රම්ප් කියයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 06; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුක්රේනයට සහ රුසියාවට වහාම සාමය අනුගමනය කිරීමට බලකිරීමට වඩා තව ටික කාලයක් සටන් කිරීමට ඉඩ දීම වඩා හොඳ විය හැකි බව ප්‍රකශ කර තිබේ.

ඊයේ දිනයේදී (05) ඕවල් කාර්යාලදී ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් සමඟ පැවති රැස්වීම අතරතුර ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබිණි.

ජර්මානු චාන්සලර්වරයා විසින් රුසියාවට වැඩි පීඩනයක් එල්ල කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට අවශ්‍ය බව ට්‍රම්ප්ට ප්‍රකාශ කිරීමත් සමඟ ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර තිබුණේ, තමා විසින් යුක්රේන හා රුසියා ජනාධිපතිට දුරකතනයෙන් කතා කළ විට උද්‍යානයක පිස්සුවෙන් මෙන් සටන් කරන කුඩා දරුවන් දෙදෙනෙකු මෙන් දෙදෙනා සටන් කිරීමට උත්සහ කරන බවත්, සමහර විට ඔබ ඔවුන්ට ටික වේලාවක් සටන් කිරීමට ඉඩ දී පසුව ඔවුන් වෙන් කිරීම වඩා හොඳ බවත්ය.

කෙසේ නමුත් පසුගිය මාසයේ දී රුසියාව හෝ යුක්රේනය සාම ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් ඉක්මන් හා යහපත් ප්‍රතිචාර නොදක්වන්නේ නම් එක්සත් ජනපදය මැදිහත්කරුවකු වශයෙන් කටයුතු කිරීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් ප්‍රකශ කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...