රිමාන්ඩ්ව සිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලක ඇතුළු සැකකරුවන්ට ඇප!

Date:

රෂිකා හෙන්නායක ජුනි 06, කොළඹ LNW :

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මේ වනවිට විදේශ ගතව සිටින, කෙහෙල් බද්දර පද්මේ යන අයට විදේශ ගමන් බලපත්‍ර දෙකක් සකස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලක ඇතුළු සැකකරුවන් තුන්දෙනා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව සැකකරුවන් රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය නියම කර ඇත.

සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදිය යුතු බවටත් නියෝගයක් නිකුත් කරනු ලැබු අතර ඉන් අනතුරුව නඩුව නොවැම්බර් මස 13 වන දා යළි කැඳවීමටද නියම කෙරුණ බව පැවසේ.

තවද, ඇප ලබා ගැනීමෙන් අනතුරුව අනෙකුත් සැකකරුවන් දෙදෙනා මේ මස 13 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබාදිය යුතු බවටත් නියෝගයක් නිකුත් කර තිබෙන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 300ක් සමග ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300කට ආසන්න ප්‍රමාණයක් සමග...

21 රැලියට විමල් සහ ජානිපෙත් නෑ

නොවැම්බර් 21 වනදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත ආණ්ඩු විරෝධී රැලියට...

රුසියාව යුද්ධය වෙනුවෙන් අප්‍රිකානුවන් 1,400 ක් ?

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව වෙනුවෙන් යුද්ධය...

ආර්ථිකය සුනු විසුණු කළ රටක් ජනතාව විසින් අපට භාර දුන්නේ – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW : අයවැය දෙවන වර...