නිශ්මං රණසිංහ ජුනි 07, කොළඹ LNW:
බස්නාහිර පළාතේ ක්‍රිකට් ක්‍රීඩාව නොකරන පාසල් සඳහා ක්‍රිකට් භාණ්ඩ බෙදාදීමක් ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවත්වුණා.මෙම කාරණය සිඳු වුණේ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න යටතේයි.ඔහු මේ වන විට බස්නාහිර පළාතට සම්බන්ධ ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව ආසනය කේන්ද්‍ර කරගෙන මාලිමා දේශපාලනයේ වගකීම දරණ පුද්ගලයායි.ඒ නිසා බැලූ බැල්මට අපට පේන හැටියට වගේම සුගත්ට හිතෙන හැටිත් සමාන වෙන්න පුළුවන්.ඒ තමයි මෙහි ඇති දේශපාලන වාසිය.
හැබැයි බස්නාහිර පළාතෙ වුණත් ක්‍රීඩා අමාත්‍යංශයෙ සංවර්ධන දෙපාර්තමේන්තුව පැත්තෙන් බැලුවත් මේ වගෙ වැඩ සටහන්වල දකින්න ඉන්න ක්‍රීඩා අමාත්‍යවරයා,සුගත් නැතත් ක්‍රීඩා වැඩ සටහන්වලට එකතු කරගෙන යන කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට ආව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර වගේම මෙවැනි අවස්ථාවන් මඟ නොහැර සිටින ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් ශෙමාල් ප්‍රනාන්දු මේ පිංතූරවල නැහැ.

එහෙම දකින කොට හිතෙන්නෙ මේ සුගත්ව හිතාමතා ජනමාධ්‍ය ඉදිරියේ විවෘත කර ප්‍රහාරයකට ලක් කිරීමේ සැළසුමක් බවයි.මොකද ක්‍රීඩාවේ ප්‍රායෝගික අවශ්‍යයතාවය මේ අමාත්‍යංශය ඇතුළෙ ඉන්න දේශපාලනඥයන් තුන් දෙනාගෙන් හොඳටම දැනෙන කෙනා සුගත් තිලකරත්නයි.ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කළ විශිෂ්ඨ ක්‍රීඩකයෙක්.ඔහු පුහුණුකරුවෙකු ලෙස වැඩ කළ ගම්පහ ශ්‍රී බෝධි පිටියේ උස පැනීමට මෙට්ටවත් හරියට නැති මොහොතක ක්‍රිකට් ක්‍රීඩා කරන්න මේ උපකරණ බෙදාදීම දේශපාලනික වශයෙන් ගත්තම සුගත්ට වාසිදායකද?

මේ උපකරණ තොගය ශ්‍රී ලංකා ක්‍රිකට් ආධාර වශයෙන් බෙදා දුන්නානම් කමක් නැහැ.සමහර විට එසේ විය හැකියි.ක්‍රීඩා අමාත්‍යවරයා අපිනම් ක්‍රිකට් එකෙන් කිසි දෙයක් ගන්නෙ නැහැ කියා පම්පෝරි ගැසීම තුළ අමාත්‍යංශයේ ගෞරවය ආරක්ෂා කරන්න ශ්‍රී ලංකා ක්‍රිකට් සිය නම ප්‍රචාරනය නොකර අමාත්‍යංශය පැත්තෙන් වෙන වැඩක් විදිහට ලංකාවෙ ක්‍රිකට්වලට යහපතක් වෙන මේ කාරණය කරගෙන යන්න ආධාර කරනවා වෙන්නත් පුළුවන්.

වැඩේ තියෙන්නෙ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිකට් ගමට ව්‍යාපෘතිය යටතෙ මේ කාරණා මීටත් වඩා ක්‍රිකට් පොළවට සම්බන්ධ වන සේ,බැඳෙන සේ ක්‍රියාත්මක කරමින් තිබෙනවා.ඒ ව්‍යාපෘතිය යටතේ රාජගිරිය වගේම කොළොන්නාව වැනි ප්‍රදේශවලත් කොළඹ නාගරිකයේ ක්‍රිකට් නැති පාසල්වලටත් එම නමින්ම ඇතුළත් වී ශ්‍රී ලංකා ක්‍රිකට් දක්ෂයන් වෙනුවෙන් පුහුණුව දෙන්න,ඉදරි ක්‍රිකට් ගමන තීරණය කරන පුහුණු සංචිතවලට ඇතුළත් කරන්න වගේම පාසල්වල ක්‍රීකට් ක්‍රීඩාව ආරම්භ කර ආධාර ලබාදීම ද සිඳු කරමින් තිබෙනවා.එවැනි වපසරියක රටේ වැඩ විමධ්‍යගත කර ක්‍රියාවට නංවමින් තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩ සටහනකට සහභාගි වී ඒ හරහා ප්‍රචාරයක් ලැබීම සහ වගකීමකට දායකවීම හැරෙන්නට ක්‍රීඩා අමාත්‍යංශය එවැනි සැළසුම් නැති,පහසුකම් බෙදී යාමේ ක්‍රමවේදයක් නැති සුලබව සිඳුවන ක්‍රීඩාවන් අසරණව බලා සිටියදී ක්‍රිකට් බඩු බෙදීමට ඒ දේවල් දැනෙන සහ දන්න ප්‍රායෝගිකව ක්‍රීඩා කරපු නෙනෙකු ඉදිරිපත් වීම ඔහුගේ දේශපාලනයට වාසිදායකද?

හැමතැනම පොදුු ප්‍රචාරය ගලා යාවි.ඒත් ඒ බෙදන්නේ කවුද කියන කාරණය ඇතුළෙ මිනිස්සු මාරයි කියලා කතා කරනවට වඩා සෘණාත්මකව සුගත්ගේ මැදිහත්වීම කියන කාරණය විවේචනයට ලක්වීමට මෙහි ඇති ඉඩ වැඩියි.මේවා අමාත්‍යංශය හරහානම් සිඳුවන්නේ ක්‍රිකට් බඩු බෙදා දීමේ වැඩ පිළිවෙළක් ස්වාධීනව ක්‍රිකට් පරිපාලනය මඟින් සිඳුවෙමින් තිබියදී අමාත්‍යංශය එය සිඳු නොකර එවැනි පහසුකම් නැති ක්‍රීඩාවන් කෙරෙහි අවධානය යොමු කරන ලෙස උපදෙස් දෙන ජාතික ක්‍රීඩා සභාවක උපදේශකයන් අවශ්‍යය වෙනවා..එහි අකුරින් ලියා නැතුවට දේශපාලනිකව ක්‍රීඩා අමාත්‍යවරයා හරහා ක්‍රීඩා අමාත්‍යංශය කරන්න උත්සාහ කරන වැඩ දේශපාලනිකව ජාතික වැඩ සටහන් වී ඒවා රටට පලදායී වන දේ ද යන්න පිළිබඳව විමසා බැලීම ජාතික ක්‍රීඩා සභාවේ වගකීමක් වෙනවා.

ලංකාවේ සාමාන්‍ය ජනමතය ගත්විට ක්‍රිකට්වලට වැඩ කරන්න සල්ලි තියෙනවා.ඒ පරිපාලනය රට වටේ වැඩ කරගෙන යනවා.ඊට යම් ආකාරයක අධික්ෂණ මට්ටමකින් අවශ්‍යයතා තේරුම් අර ගනිමින් පළාත්වල මන්ත්‍රීවරුන් සමඟම කතා කර දුෂ්කරතා ඇති පාසල් හඳුනාගෙන සහ අවශ්‍යයතා හඳුනාගෙන ඒ ගැන ක්‍රිකට් පරිපාලනයෙන් ඉල්ලිම් කිරීම අසාධාරණ නැහැ.එසේ නොවී ඇතැම් විට ජනමාධ්‍ය මඟින් පෙන්වා දෙන කරුණුත් ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍යය ඒකකය මඟින් දැන ඉහළට වාර්තා කිරීමෙන් ඉනික්බිතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ සඳහා මැදිහත් වූ අවස්ථා ද තිබෙනවා.එවැනි ක්‍රියාවලියක් ඇතුළෙ පවතින ක්‍රීඩාවන් හුස්ම ගන්න බැරි තරමට පහසුකම්වලින් හිරවි තෙරපී සිටියදී ක්‍රීඩා අමාත්‍යංශය ඒ ක්‍රීඩාවන්ට ප්‍රමුඛතාවය නොදී ක්‍රිකට්වලට ප්‍රමුඛතාවය දෙන්න සිතීම සාධාරණ ද?
ශ්‍රී බෝධියේ උස පනින මෙට්ටවලින් ක්‍රීඩා පහසුකම් බෙදා දෙන්නට වැඩ ඇරඹිය යුතුව තිබෙන අමාත්‍යවරයෙක් දේශපාලනික වශයෙන් යම් වැරදි උපදෙසකට හෝ උගුලකට හසු කරන්න ගත් උත්සාහයක් පමණයි.මෙහි ප්‍රචාරන වාසිය,දේශපාලන වාසිය එරංග ගුණෙසේකර වැනි කෙනෙකුට ගන්න පුළුවන් තරමින්,සුනිල් කුමාර ගමගේට ගන්න පුළුවන් තරමෙන් සුගත් තිලකරත්නට ගන්න බැහැ.මෙහි කාලයත් සමඟ පොළිය හැටියට එකතු වෙන්නේ අප්‍රසාදය.ඒ පොළවේ ක්‍රීඩාවේ ඇත්ත දැන දැන කිසිවක්ම ආධාර උපකාර නැති දේවල් අමතක කර තියෙන දේවල්වලට තවත් දේවල් බෙදීම ඒ අප්‍රසාදයට හේතුවයි.
කන්න ඕනෑ තරම් බත් තිබියදී තවත් බත් මුට්ටියක් ලිප තිබ්බොත්.. පිළුණු වි වීසි කරන්නට වෙනවා.උයපු බත් ප්‍රමාණය අගය කිරීමට වඩා කියන්න පුළුවන් කාරණය මොන වගේද?අච්චර මිනිස්සු බඩගින්නෙ ඉද්දි මුං නිකං තේරුමක් නැතුව බත් තම්බනවා.හැබැයි මේ කාරණය යම් ආකාරයකින් ශ්‍රී ලංකා ක්‍රිකට්වලින් ලැබුණ ආධාරයක් හැටියට බෙදා දැම්මනම් එහි වැඩ පිළිවෙලකට ලැබුණු දේශපාලන ආශිර්වාදයක් ලෙස පෞද්ගලිකව සුගත්ගේ ප්‍රතිරූපයට සහ දීර්ඝකාලීන ඔහුගේ ක්‍රීඩාව සම්බන්ධ භාවිතාවන්ට හානි නොවන ඇගයීමක් එකතු වෙන්න තිබුණා.
ඒ කෙසේ වුවත් මේ උපකාර ලැබූ පිරිසට ක්‍රීඩාවෙන් යහපත් අනාගතයක් හිමිවේවා යන්න අපේ පැතුමයි.