හරීන් ප්‍රනාන්දුත් අත්අඩංගුවට ??

හිටපු ක්‍රීඩා හා තරුණ කටයුතු සහ සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු නුදුරේදීම අත් අඩංගුවට ගැනීමට බොහෝදුරට ඉඩ ඇති බව ආරංචිමාර්ග පවසයි.

ඒ, පසුගිය වසරේ මැද භාගයේ ගාල්ල ප්‍රදේශයේ පැවැත්වූ ප්‍රදර්ශනයක සහ සංගීත සංදර්ශනයක මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධ චෝදනාවකට අදාළව ය.

තරුණ්‍යය පීඩාවෙන් මුදාගැනීමේ තේමාව යටතේ ජාතික තරුණ සේවා සභාව විසින් ගාල්ල සමනල ක්‍රිඩාංගනයේ පැවැත්වූ ”ස්මාර්ට් යුත්” ප්‍රදර්ශනය සහ සංගීත ප්‍රසංගය වෙනුවෙන් කැබිනට් අනුමැතිය ලබා ගන්නට පෙර, චක්‍රලේඛ උල්ලංඝනය කරමින් සහ ඵලදායී නොවන ආකාරයෙන් රුපියල් තුන්කෝටි දාහතර ලක්ෂ, දාහත් දහස් හත්සිය හැත්තෑ අටක මුදලක් (31,417,778 ) වැයකොට ඇති බව විගණන වාර්තාවක් මගින් අනාවරණය වී තිබේ.

2024 ජූනි 14 හා 15 යන දෙදින තුළ මෙම ස්මාර්ට් යුත් ප්‍රදර්ශනය සහ සංගිත ප්‍රසංගය පවත්වා තිබුණු අතර එසේ පවත්වා ඇත්තේ මේ සදහා අමාත්‍ය මණ්ඩල සංදේශ අනුමැතිය ලැබිමට පෙර හා අමාත්‍ය මණ්ඩල තීරණය ජාතික තරුණ සේවා සභාවට දැනුම් දිමට පෙර ය.

මීට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය සදහා 2024 ජුලි මස 15 වනදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇති අතර ඒ බව ජාතික තරුණ සේවා සභාව වෙත දැනුම් දී ඇත්තේ 2024 ජුලි මස 23 වනදා ය.

මෙම ප්‍රදර්ශනය සහ සංගිත ප්‍රසංගය පැවැත්වීමට අදාළව අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා කිහිපයක්ම එල්ල වී ඇති බවත් මේවා සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයාව ළඟදීම කැඳවා ප්‍රශ්න කිරීමට නියමිත බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තිරිඟු පිටි මිල ඉහළට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තිරිඟු පිටි මිල...

අද(21) වැසි තත්ත්වය – දවසේ කාලගුණය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකාවට ආසන්න...

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...