මස්ක් විපක්ෂයට සහය දැක්වුවහොත් අමතක නොවන පාඩමක් උගන්වන බව ට්‍රම්ප් කියයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 08; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එලෝන් මස්ක් ඩිමොක්‍රටික් අපේක්ෂකයින්ට අරමුදල් සපයන්නේ නම් අමතක නොවන පාඩමක් උගන්වන බවත්, ඔහුට බරපතල ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට සිදුවන බවත් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකශ කර තිබේ.

එක්සත් ජනපද ජනාධිපතිවරයා මේ බව අද(08)දිනයේදී NBCප්‍රවෘත්ති සාකච්ජාවකදී ක්‍රිස්ටන් වෙල්කර්ට සමඟ ප්‍රකාශ කර තිබු අතර මෙහිදී ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, පසුගිය ජනාධිපතිවරණය වෙනුවෙන් මස්ක් සිය මැතිවරණ ව්‍යාපාරයට ඩොලර් මිලියන 300 කට ආසන්න මුදලක් වියදම් කළ බවත්, ඔහුට ඩිමොක්‍රටික් පක්ෂයට අරමුදල් සැපයීමට තෝරා ගැනීම තෝරා ගන්නේ නම් ඔහුට ඉතා බරපතල ප්‍රතිවිපාක ගෙවීමට සිදුවනු ඇති බවට අනතුරු ඇඟවූ බවත්ය.

මෙහිදී නිවේදකයා විසින් මස්ක් සමඟ ඔහුගේ සම්බන්ධතාවය අලුත්වැඩියා කිරීමට කිසියම් කැමැත්තක් තිබේද යන්න විමසු විටදී ට්‍රම්ප් එකහෙලාම ප්‍රකාශ කර තිබුණේ, පැරණි සහායකයා සමඟ කතා කිරීමට ඔහුට කිසිදු සැලසුමක් නොමැති බවත්, සිය සම්බන්ධතාවය අවසන් වී ඇති බවත්ය.

එලෝන් මස්ක් මේ වන විට සතියකට වැඩි කාලයක් තිස්සේ ජනාධිපති ට්‍රම්ප්ගේ වියදම් පනත් කෙටුම්පත විවේචනය කිරීමත්, සිය දේශපාලනයෙන් සමුගන්නා බවත් ප්‍රකාශ කිරීමත් සමඟ මෙම ආරවුල පැනනැගී අතර, ට්‍රම්ප් මස්ක්ගේ තාක්ෂණික ව්‍යාපෘති වලට ලබා දෙන කොන්ත්‍රාත් අවලංගු කරන බවට තර්ජනය කරනු ලැබිය.

ඊට ප්‍රතිචාර වශයෙන් මස්ක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගගනගාමීන් සහ සැපයුම් රැගෙන යාමට නාසා ආයතනය විසින් භාවිතා කරන ලද ස්පේස්එක්ස් හි ඩ්‍රැගන් අභ්‍යවකාශ යානය නිෂ්ක්‍රීය කිරීම ආරම්භ කරන බවට තර්ජනය කළ මුත් ඔවු පසුව එය ඉල්ලා අස්කර ගෙන ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...