වවුනියාවෙන් හමුවූ ගිනි අවි හා පතුරම්!

රෂිකා හෙන්නායක ජුනි 08, කොළඹ LNW :

වවුනියාව, රම්බකුලම ප්‍රදේශයේ නිවෙසක ගෙවත්තේ, වලක් හාරමින් සිටියදී ටී 56 ගිනි අවි දෙකක් හා එම උණ්ඩ 450 ක තොගයක් හමුව තිබේ. අද (08) දහවල් මේවා හමුව ඇති බව වවුනියාව පොලිසිය පවසයි.

අදාළ ගිනි අවි හා පතුරම් තොගය, ඉදිකිරීමක් වෙනුවෙන් බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් වලක් කපන අවස්ථාවේ හමුවී ඇති අතර, ඒ සම්බන්ධයෙන් ගෙහිමියා වවුනියාව පොලිසිය දැනුවත් කොට ඇති අතර, වවුනියාව පොලිසිය අදාළ ස්ථානය පරීක්ෂා කොට දිරාගිය ගිනි අවි දෙක හා පතුරම් තොගය පොලිසිය භාරයට ගෙන ඇත.

මේවා පැවති යුද සමයේ කිසියම් අයෙක් හෝ පිරිසක් විසින් වල දමන්නට ඇති බවයි පොලිසිය සැක කරන අතර, ගිනි අවි දෙක හා පතුරම් තොගය වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත‍යි. 

වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….

මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...

කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...