*
Monday, June 9, 2025
spot_img

Latest Posts

ක්‍රිකට්තරුවල දීප්තියෙන් බැබලෙන රාත්‍රියේ චමරිට ආඩම්බර වෙන්න හේතු වැස්සක්

නිශ්මං රණසිංහ ජුනි 09, කොළඹ LNW:

ශ්‍රී ලංකා ක්‍රිකට් කේෂ්ත්‍රෙය් 2024 ට අදාළව ජාත්‍යන්තර පිටියේ පෑ දස්කම්වලට අනුව ක්‍රීඩක ඇගයීම් සිඳුවන සම්මානනීය රාත්‍රිය අද කොළඹදී සිඳු කිරීමට නියමිතයි.බොහෝ විවේචන ගැරහුම් මැද ක්‍රීඩා දේශපාලනයේ සහ වෙනත් භෞතික සාධක මැද සමාජයේ ක්‍රිකට්වලට ඇති විවේචන,ගැරහීම් සියල්ල සම්බන්ධයෙන් ප්‍රායෝගිකව ලබා දුන් පිළිතුරු ඇගයෙන මොහොතක් හැටියට ද මේ මොහොත සැළකිය හැකියි.මේ වන විට ගම්නියම් ගම් සිසාරා ක්‍රිකට්මය පිපාසාවක් පමණක් නොව,එය නිවා සනසාලිය හැකි ව්‍යහුයමය වෙනස්කම් ද සිඳුවෙමින් තිබෙන මොහොතක,ජාතික කණ්ඩායම යනු විසිර පැතිර තිබෙන ප්‍රදේශීය වශයෙන් ක්‍රිකට් පරිපාලනය සවිමත් කරන සහ වගකීම් බෙදී යන වැඩ සටහන් ඇසුරෙන් නැඟෙමින් ඇත.


මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර නියෝජනයේ හැඩය පළාත් නවයම නියෝජනය විය හැකි සංස්කෘතියක් තරමට ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයා නිර්මාණය වන මාවත පුළුල්වෙමින් තිබෙන මොහොතක අද මේ සම්මාන රාත්‍රියට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) සභාපති ෂම්මි සිල්වා විසින් කරන ලද ආරාධනයකට අනුව, ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වන තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේට වුව,සැළෙමින් තැවෙමින් යටත්වෙමින් නොසිට ලංකාවේ ක්‍රීඩාවේ බලය බෙදී යා යුතුය යන්නත්,ඒ හරහා සම්පත් භාවිතාව විමධ්‍යගත කිරීමටත් එය රජයේ ප්‍රතිපත්තිය ලෙස ගෙන ඒ මත පදනම්ව ලෝකයට ලංකාවේ ක්‍රීඩා පාලනයේ අනන්‍යතාවය කියා දී සෘජුව සිට ගැනීමටත් ඉගෙනගන්නට හැකියාව ඇත. බොහෝ දේ කියමින් ඇඳ කුද දකිමින් පැමිණ ලංකාවේ ක්‍රීඩාවේ මූල්‍යමය වශයෙන් ශක්තිමත් පාලනය සොලවා ඒ ගස යට ඉන්න අයට ඇති කාසි ඇහිදා ගැනීමේ උවමනාවන් තේරුම් ගැනීමට ක්‍රීඩා අමාත්‍යවරයා මේ වන විට සමත් වී තිබෙන නිසා ක්‍රිකට් හොඳින් හුස්ම ගන්නා පරිසරයක තිබීමද වැදගත්ය.


ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයින්, වත්මන් සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්, ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරිත්වයේ සහ විධායක කමිටු සාමාජිකයින්, රජයේ නිලධාරීන්, රාජ්‍ය තාන්ත්‍රිකයින්, ආයතනික නායකයින්, උත්සව අනුග්‍රාහකයාගේ නියෝජිතයින් සහ හිටපු SLC පරිපාලකයින් මෙම සම්මාන රාත්‍රියට සහභාගී වනු ඇත.
මෙම උත්සවයේදී සම්මාන 46ක් පිරිනැමේ. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටත්වය ඇගයීම සඳහා සම්මාන 18ක් සහ දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළම දක්ෂතා දක්වන ක්‍රීඩකයින් ඇගයීම සඳහා සම්මාන 20ක්.


වසරේ හොඳම තරග තීරකවරයා සහ වසරේ හොඳම විනිසුරුවරයා ද ඇගයීමට ලක් කෙරේ. ක්‍රීඩාවේ උන්නතිය සඳහා ඉමහත් දායකත්වයක් ලබා දුන් පුද්ගලයින් හය දෙනෙකුට ජීවිත කාලය පුරාවට අදාළෙවනාකාරයේ ජයග්‍රහණ සම්මාන පිරිනැමේ. වසරේ පිරිමි සහ කාන්තා ක්‍රිකට් ක්‍රීඩකයා ප්‍රදානය කිරීම උත්සවයේ රාත්‍රියේ කැපී පෙනෙන අංගයක් වනු ඇත. එම විශිෂ්ඨයන් දැක ගන්නා දැන ගන්නා රාත්‍රියට පෙරාතුව කාන්තා සහ පිරිමි දක්ෂයන් ජාත්‍යන්තර දක්ෂතා සැළකිල්ලට ගෙන ඒ ඒ සම්මාන සඳහා යෝජනා කර ඇත.පහත දැක්වෙන්නේ එම යෝජිත නාම ලේඛණයය.


වසරේ නැගී එන ක්‍රීඩකයා
මිලාන් රත්නායක
නිශාන් පීරිස්
ජනිත් ලියනගේ
හොඳම ටෙස්ට් පිතිකරු
ධනංජය ද සිල්වා
කමිඳු මෙන්ඩිස්
දිනේෂ් චන්දිමාල්
හොඳම ටෙස්ට් පන්දු යවන්නා
අසිත ප්‍රනාන්දු
ප්‍රභාත් ජයසූරිය
ලහිරු කුමාර
හොඳම ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩක
මිලාන් රත්නායක
ධනංජය ද සිල්වා
හොඳම එක්දින පිතිකරු
චරිත් අසලංක
පැතුම් නිශ්ශංක
ජනිත් ලියනගේ
හොඳම එක්දින පන්දු යවන්නා
මහේෂ් තීක්ෂණ
වනිඳු හසරංග
ජෙෆ්රි වැන්ඩර්සේ
හොඳම එක්දින තුන් ඉරියව් ක්‍රීඩක
චරිත් අසලංක
වනිඳු හසරංග
දුනිත් වෙල්ලාලගේ
හොඳම T20I පිතිකරු
කුසල් මෙන්ඩිස්
ඇන්ජලෝ මැතිව්ස්
පැතුම් නිශ්ශංක
විස්සයි20 හොඳම පන්දු යවන්නා
මහේෂ් තීක්ෂණ
මතීෂ පතිරණ
වනිඳු හසරංග
හොඳම T20I තුන් ඉරියව් ක්‍රීඩකයා
ඇන්ජලෝ මැතිව්ස්
වනිඳු හසරංග
කාන්තා ජාත්‍යන්තර අංශය
සම්මාන නම් කරන ලද ක්‍රීඩිකාවන්
හොඳම එක්දින පිතිකරු
විශ්මි ගුණරත්න
චමරි අතපත්තු
හර්ෂිතා සමරවික්‍රම
හොඳම එක්දින පන්දු යවන්නිය
කවීෂා දිල්හාරි
අචිනි කුලසූරිය
චමරි අතපත්තු
හොඳම එක්දින තුන් ඉරියව් ක්‍රීඩිකාව
කවීෂා දිල්හාරි
චමරි අතපත්තු
හර්ෂිතා සමරවික්‍රම
හොඳම T20I පිතිකරු
චමරි අතපත්තු
හර්ෂිතා සමරවික්‍රම
විශ්මි ගුණරත්න
හොඳම T20I පන්දු යවන්නා
කවීශා දිල්හාරි
ඉනෝෂි ප්‍රනාන්දු
චමරි අතපත්තු
හොඳම විස්සයි20 තුන් ඉරියව් ක්‍රීඩිකාව
කවීෂා දිල්හාරි
චමරි අතපත්තු
හර්ෂිතා සමරවික්‍රම


කාන්තා ක්‍රිකට් ඉතිහාසය ගත් විට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මේ මොහොතේ සිටින තත්ත්වය ඉතිහාසයේ හොඳම තැන බව පිළිගන්නට විවාද කරන පිරිස අඩුය.ඒ තරමට වත්මන් කණ්ඩායම ඒ බව සහතික කර ඇත.චමරි මේ ඉතිහාසය විසින් ගොඩ නැඟූ ජාත්‍යන්තර සළකුණ බවට පත් වී ඇත.යම් යම් කාලවලදී ලද අවස්ථාවන් සහ පහසුකම්වලට සාපේක්ෂව අපට විශිෂ්ඨ ක්‍රීඩිකාවෝ උන්හ.එහෙත් චමරිගේ සමය දක්ෂතා අතින් ඉහළට ඒමට ඇය විසින් දරන ලද උත්සාහයන් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩි ඉඩක් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ නැග්මට සහ භෞතික වශයෙන් ක්‍රීඩාවන් පෝෂණය කිරීමට යොදා ගැනීම වෙනුවෙන් කැපකිරීමද වැදගත්ය.


එහි උච්චතම රාත්‍රිය අද වනු ඇත.චමරිට චමරි ගොඩ නැඟූ විශිෂ්ටතවයේ මඟ පෙන්විම තුළ අද රාත්‍රියේදී වඩාත්ම සතුටු විය හැකි කරුණු දෙකක් වසරේ ක්‍රීඩිකාව නම් කිරීමේදි දැකිය හැකි වනු ඇත.එකක් ඒ සම්මානය ඇය අතට පත්වීමේ ප්‍රිතියය.තවත් අතකින් ඇයට මෙවර විශාල අභියෝගයක් වනු ඇතැයි සිතිය හැකි හර්ෂිතා සමරවික්‍රම හෝ කවීශා දිල්හාරිට එම සම්මානය යාමට ඇති ඉඩය.එවිට චමරිට තම දායකත්වය සහ නායකත්වය රටට දැනෙන එකක් වී ඇති බවට සාධාරණ,ආඩම්බර සතුටක් දැනෙනු ඇත.ඒ අනුව කෙසේ බැලුවත් මේ රාත්‍රිය චමරිටනම් ආඩම්බර සතුටක් ඇති කරන රාත්‍රියක් වනු නොඅනුමානය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan