බුත්තල පිහිටි රජයේ ධාන්‍ය ගබඩාව නිරීක්ෂණය කළ කෘෂි ඇමති!

Date:

රෂිකා හෙන්නායක ජුනි 09, කොළඹ LNW :

පසුගියදා ,කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා බුත්තල පිහිටි රජයේ ධාන්‍ය ගබඩාව නිරීක්ෂණය කළ බව වාර්තා වේ.

එහිදී ගබඩාවේ තිබූ ධාන්‍ය තොග පරීක්ෂා කළ අමාත්‍යවරයා එහි සේවක මඬුල්ල සමඟ ද සුහද සාකච්ඡාවක නිරත විය.

මෙහිදී අමාත්‍යවරයා කොපමණ ධාන්‍ය ප්‍රමාණයක් එක් රැස් කර තිබෙනවාද යන්න සහ එසේ එක් රැස් කර තිබීමෙන් රටේ සහල් ගැටලුවක් නිර්මාණය වීමට තිබෙන ඉඩකඩ මෙන්ම, බඩඉරිඟු පිළිබඳව ගැටලුවක් නිර්මාණය වීමට ඇති ඉඩකඩ පිළිබඳව ගබඩා භාරව ක්‍රියා කරන නිලධාරීන් සමඟ සාකච්ඡාවක් සිදු කළේය. එමෙන්ම දත්ත වාර්තා ගැන සොයා බලමින් ගබඩාවන් ද පරීක්ෂාවට ලක් කළේය.

නිසි ක්‍රමවේදයකින් ආයතනය පවත්වාගෙන යාමට මෙන්ම එහි නඩත්තු කටයුතු ක්‍රමවත්ම පවත්වාගෙන යාමට රජයේ මැදිහත්වීම ඉදිරියට ලැබෙන බව එහි නිලධාරීන්ට අමාත්‍යවරයා ප්‍රකාශ කළ අතර, එම සියලුම කරුණු සම්බන්ධයෙන් එහි නිලධාරීන් සිය එකඟතාවය පළ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති මහින්ද එක්කම FCID එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති...

ලංකා විදුලි බල මණ්ඩලයේ අවසන් සති කිහිපය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ මේ...