රවී කුමුදේශ්ගේ වැඩ තහනම්!

Date:

කොළඹ LNW:ආයතන සංග්‍රහයට පිටින් යමින් මහමැතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම හේතුවෙන් වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ, වෘත්තීය සමිති ක්‍රියාකාරික රවී කුමුදේශ් මහතාගේ වැඩ තහනම් කර තිබේ.

2024.10.10 දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙලෙස වැඩ තහනම් කර ඇති අතර ඔහුට වැටුප් ඇතුළු දීමනා හිමි නොවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ලිපියක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව ඔහු සන්තකයේ බඩුබාහිරාදිය වේ නම් ඒවා ආයතන ප්‍රධානියා විසින් නම් කරන නිසි නිලධාරියෙක් වෙත භාර දිය යුතු බවටද දන්වා තිබේ.

එසේම ඊට අදාළව විනය ක්‍රියාමාර්ග ගන්නා තුරු ඔහුට විදෙස් ගත වීමටද වළක්වා ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩාවේ හෙට දවසට ලාංකේය සූදානමට, බහරේන් හැඟිමක්!

නිශ්මං රණසිංහ නොවැම්බර් 02,  කොළඹ LNW: බහරේන් හී පැවති ආසියතික උළෙලේ...

කිතුනුවන්ට එරෙහි ප්‍රහාර හේතුවෙන් ට්‍රම්ප් නයිජීරියාවට වෙඩි තබන ලෙස පෙන්ටගනයට නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ක්‍රිස්තියානීන් හට...

කේම්බ්‍රිජ්ෂයර් හි දුම්රියේ පිහි ඇනුමකින් නව දෙනෙකු ජීවිතයට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : නැගෙනහිර එංගලන්තයේ...