සම සෞඛ්‍ය උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගන්නා ලෙස බලකරමින් අදත් කොළඹදී විරෝධතාවක්! (PHOTO STORY)

කොළඹ LNW:සම සෞඛ්‍ය උපාධිධාරීන් රජයේ සේවයට බඳවා ගැනීම කඩිනම් කරන ලෙස බල කරමින් අද (09) දිනයේදීත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

ඒකාබද්ධ විරෝධයක් ලෙස පැවති එම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ මැදිහත්වීමෙනි.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනුමත කළ කුසලතා පදනම මත සම සෞඛ්‍ය උපාධිධාරීන් රජයේ සේවයට බඳවා ගැනීමේ පටිපාටියක් සකසන ලෙසයි එහිදී බල කෙරුණේ.

මේ අතර සෞඛ්‍ය සේවයේ ගුණාත්මක බවට හානි කරන උපාධි කඩ අහෝසි කරන ලෙසද උද්ඝෝෂකයින් බලධාරීන්ට අවධාරණය කරන ලදී.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න