අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා භාණ්ඩ සැපයීම සඳහා රනිල්ගෙන් විශේෂ කමිටුවක්

Date:

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා භාණ්ඩ හිඟයකින් තොරව සැපයීම හා ජන ජීවිතය පවත්වාගෙන යෑමට අවශ්‍ය සහන සැලසීම සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පංච පුද්ගල විශේෂ කමිටුවක් පත් කර තිබේ.

ඒ අනුව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා භාණ්ඩ හිඟයකින් තොරව සැපයීම සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සහ එම පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන් පත්කර ඇත.

ඛනිජ තෙල් සැපයීම සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පත්කර ඇත්තේ සාගල රත්නායක මහතා ය.

ඖෂධ සැපයීම සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා රුවන් විජේවර්ධන මහතාව පත්කර ඇති අතර පොහොර සැපයීම සම්බන්ධව කටයුතු කිරීම සඳහා අකිල විරාජ් කාරියවසම් මහතාව පත් කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංගම බංකොළොත් වීම වගේම ජාතික පාපන්දුවේ නැගිටීම ගැනත් සිතිය යුතුයි

මේ දිනවල කාලයකට පසුව සහ නැවත කරළියට පැමිණ තිබීම...

ශ්‍රී ලංකා පිතිකාරිනියන් ඉන්දියාවට කඩුලු අටකින් දිනන්නට මාවත සකස් කර දෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 22, කොළඹ LNW: ශ්‍රි ලංකාවේ විස්සයි විස්ස...

Emily in Paris නවතම කතා මාලාවෙහි එක් තැනක, ශ්‍රී ලංකාව ගැනත් කතා බහක්!

සටහන – පුලී දෙසැම්බර් 22, කොළඹ (LNW):  Emily in Paris යනු නෙට්ෆ්ලික්ස් සඳහා...