ඌව පරණගම රහස් ඡන්දයක් පවත්වයි. බලය මාලිමාවට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඌව පරණගම ප්‍රාදේශීය සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිව තිබේ.

ඒ අනුව, ඊයේ (ජුනි 11) පැවති එම සභාවේ මංගල රැස්වීමේදී එහි සභාපතිවරයා ලෙස ජාජබ කණ්ඩායම් නායක ආර්. එම්. ජිනදාස මහතා තේරී පත්වූ අතර උප සභාපතිවරිය ලෙස එම පක්ෂයේම ජේ. එම්. තනූජා රසාංජලී තේරී පත්විය.

මෙම රැස්වීමට එහි සභිකයින් 41 දෙනාම සහභාගී වී සිටි අතර සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා රහස් ඡන්දයක් පවත්වන ලෙස මාලිමා කණ්ඩායම් නායකයා ඉල්ලා සිටි අවස්ථාවේදී සමගි ජන බලවේගය ඊට එරෙහි වීම හේතුවෙන් ඡන්දයක් පැවැත්වීමට සිදුවිය. එහිදී රහස් ඡන්දයෙන් සභාපතිවරයා තෝරාගැනීමේ යෝජනාව සම්මත විණි.

ඒ අනුව පැවති රහස් ඡන්දයේදී මාලිමා කණ්ඩායම් නායකයාට ඡන්ද 22ක් ලැබී තිබුණු අතර සජබ කණ්ඩායම් නායකයාට ලැබී තිබුණේ ඡන්ද 17ක් පමණි. මෙහිදී එක් ඡන්දයක් ප්‍රතික්ෂේප වී තිබුණු අතර ජන අරගල සන්ධානය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.

උප සභාපති තේරීම සඳහා පැවති ඡන්දයේදී මාලිමාවෙන් සහ පොහොට්ටුවෙන් ඉදිරිපත් වූ දෙදෙනාටම ඡන්ද 20 බැගින් ලැබී තිබුණු හෙයින් කුසපත් ඇදීමක් සිදුවූ අතර එහිදී මාලිමා කණ්ඩායමේ අපේක්ෂිකාව උප සභාපති වශයෙන් පත්වූවාය.

ඌව පරණගම ප්‍රාදේශීය සභාව සභික ධූර 41 කින් සමන්විත වන අතර පසුගියදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයට සභික ධූර 20 ක්, සමගි ජන බලවේගයට සභික ධූර 08ක්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සභිකධූර 05ක්, එක්සත් ජාතික පක්ෂයට සභිකධූර 03ක්, පොදු ජන එක්සත් පෙරමුණට සභික ධූර 03ක්, ජන අරගල සන්ධානයට එක් සභික ධුරයක් සහ සර්වජන බලය පක්ෂය සඳහා එක් සභික ධූරයක් බැගින් හිමිව තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැදවච්චියේ සභාපති මාලිමාවෙන්, උප සභාපති පොහොට්ටුවෙන් !!

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ජාතික ජන...

අශෝක ජයතුංග e කොළම.

🍎ජර්මන් ගමනේ අපැහැදිලි යටි අරමුණු.....? 🍎ජර්මන් නායක චාන්සලර් වෙනුවට නාමමාත්‍රික...

ජනපති හා ජර්මානු ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන අමාත්‍යවරිය අතර හමුවක්

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර...

ඇමරිකන් – ඊශ්‍රායල් ලේ පිපාසිත යුද්ධයට එරෙහි වෙමු – කොළඹදී විරෝධතාවක්!(PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයට එරෙහිව ඊශ්‍රායලය විසින් ගෙන යන ජන සංහාරයට...