අප්‍රිකානු රටවල් 53 කට චීනයෙන් ශුන්‍ය තීරුබදු!

Date:

කොළඹ LNW:චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ලින් ජියෑන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(11) බෙයිජිංහිදී මාධ්‍ය හමුවක් පැවැත්වුණා.

වාර්තාකරුවෙකුගේ ප්‍රශ්නයකට ප්‍රතිචාර වශයෙන් ඔහු චීන-අප්‍රිකා සහයෝගීතා සංසද ප්‍රතිඵල ක්‍රියාත්මක කිරීම පිළිබඳ අමාත්‍ය මට්ටමේ සම්බන්ධීකාරක සමුළුවේ තීරණය සම්බන්ධයෙන් පැහැදිලි කර තිබෙනවා.

ඊයේ(11) චීනයේ හුනාන් පළාතේ පැවති එම රැස්වීමට චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සුබ පැතුම් ලිපියක් යවමින්, චීනය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇති අප්‍රිකානු රටවල් 53 ක නිෂ්පාදිත අයිතම්වලින් 100% ක් සඳහා ශුන්‍ය තීරුබදු පියවර ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කළා.

එය අප්‍රිකාවේ ඌන සංවර්ධිත රටවලින් චීනයට අපනයන සිදු කිරීමට වඩාත් පහසුවක් ගෙන දෙනවා. එමෙන්ම චීනයට සහ අප්‍රිකාවට ඒකාබද්ධ නවීකරණය ප්‍රවර්ධනය කිරීමට සහ නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්ව-කාලීන චීන-අප්‍රිකා ප්‍රජාවක් ගොඩනැගීමට එය වැදගත් මග පෙන්වීමක් සපයන බවයි ලින් ජියෑන් මහතා එහිදී පැවසුවේ.

චීනය සැමවිටම අප්‍රිකානු රටවල් සමඟ සමගිය හා සහයෝගීතාවය ශක්තිමත් කිරීම සිය විදේශ ප්‍රතිපත්තියේ වැදගත් පදනමක් ලෙස සලකා තිබෙනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...