62 ලිස්ට් එක ෆෝබියාවක්. බල්තසාර්ගේ ජයග්‍රහණය ඉර පායනවා වගේ විශ්වාසයි – වටගල

Date:

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ බලට ජාතික ජන බලවේගය විසින් තහවුරු කිරීම හිරු පායනවා සේ විශ්වාස බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසයි.

එය වැළැක්වීමට විපක්ෂ කණ්ඩායම්වලට හැකියාවක් නැති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

විපක්ෂයේ කණ්ඩායම්වල සිටින හෘද සාක්ෂියට එකඟ පිරිස ජාතික ජන බලවේගය සමඟ අත්වැල් බැඳගෙන අවසන් බවද ඔහු පවසයි.

ඒ අනුව කොළඹ මහ නගර සභාවට පත්වන්නේ නගරාධිපතිවරයෙක් නොව නගරාධිපතිනියක් බවයි වටගල මහතා පවසන්නේ.

මේ අතර කොළඹ මහ නගර සභාවේ බලය විපක්ෂයට හිමිවන බවට ඉලක්කම් සහිතව පළව තිබෙන මාධ්‍ය වාර්තාවල සත්‍යතාවක් නොමැති බවත් ඔහු ප්‍රකාශ කරයි.

”ඒගොල්ලෝ ෆෝබියාවක් නිර්මාණය කරන්න හදන්නේ. ඒක ඇත්ත ගාණක් නෙවෙයි. ඒගොල්ලන්ගේ ගාන පටන් අරන් තියෙන්නේ 29න්. නමුත් අතිමහත් බගුතරය මේ නිශ්චිත මොහොතේ අපිත් සමඟ කතා කරමින් ඉන්නවා. විශේෂයෙන් ස්වාධීන කණ්ඩායම්වල සහ පිළිගත් දේශපාලන කණ්ඩායම්වල ඉන්න සභිකයින්, ඔය කියන ගාණ වගේ නෙවෙයි ඊට එහා වෙච්ච ෆිගර් එකක් අපිගාව තියෙනවා. ඒ නිසා අපි කිසිසේත්ම බය නැහැ. ඔය පෙන්වන්නේ බොරු සංඛ්‍යාවක්. ඔය කියන්න හදන්නේ ඒගොල්ලන්ට 59ට වැඩිකියල. අපේ 59 වැඩි වෙලා තිබුණේ ජන්දේ රිසල්ට් එක ඇවිල්ලා සතියකින්.”

ඒ අනුව මේ වන විට ස්වාධීන කණ්ඩායම්වල සහ පිළිගත් දේශපාලන පක්ෂවල සභිකයින් සැලකිය යුතු පිරිසක් ජාතික ජන බලවේගය සමඟ එක්ව සිටින හෙයින් කොළඹ මහ නගර සභාව ජයග්‍රහණය කරන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භූ කම්පනයක් හේතුවෙන් ලොව විශාලතම පතල කඩා වැටේ; එක් අයෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චිලියේ ඇතිවූ රික්ටර්...

ජනාධිපති ට්‍රම්ප් රුසියාවට එරෙහිව න්‍යෂ්ටික ප්‍රහාරයක් දියත් කිරීමට සුදානම් බව කියයි

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ හිටපු ජනාධිපති...

රේගුවෙන් ඉතිහාසගත වාර්තාවක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 02 කොළඹ LNW : රේගු දෙපාර්තමේන්තුවෙන් ...